නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් මිලට දි ගැනීමට රජය තීරණය කරයි. අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි එම තීරණය ගෙන තිබෙ. ඒ අනුව අද (14) සිට ගොවිබිම් වලටම ගොස් නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් මිලදි ගන්නා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇත.
මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය මිලදි ගත්තේ රුපියල් 50 කටය. සහල් සඳහා පාලන මිලක් ගැසට් කිරීමෙන් පසු වී සඳහා ගෙවන මිල වැඩි කරන ලෙස ගොවින් රජයෙන් ඉල්ලිම් කර තිබිණ.