සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්
2021-09-14 19:06:39
Share with:

සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්_fororder_Prasanna Ranathunga

කොවිඩ් වසංගතයයෙන් බලපෑම් එල්ලවී ඇති සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක කර්මාන්තය නගා නගාසිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන මෙම සැලැස්ම යටතේ වසංගත තත්ත්වය  හමුවේ සහ වසංගතයෙන් පසුව  ඉදිරි වසර පහ තුළ  සංචාරක කර්මාන්තය ගොඩනැංවීම අරමුණු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය .

සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය  එක්ව යුක්රේනයේ ක්‍රියාත්මක කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සමගාමීව එරට  හිල්ටන් හෝටලයේ දී  යුක්රේන සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවේදී සංචාරක අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී, අමාත්‍යවරයා කොරෝනා වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා යුක්රේනය දැක්වූ සහයෝගය  අගය කළේය.

සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් වසංගත තත්ත්වය තුළ ශ්‍රී ලංකාව නැවතත් සංචාරක ව්‍යාපාරය ආරම්භ කළ ආකාරය ද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය .

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන