සටන්වලට ඇබ්බැහි වී සිටින ඇමරිකාව
2021-09-14 10:08:21
Share with:

සටන්වලට ඇබ්බැහි වී සිටින ඇමරිකාව_fororder_438f704c838d2c32729ddc140a7faa16

වසර 240කට වැඩි ඉතිහාසයක් පමණක් ඇති ඇමරිකාව දියත් කළ හෝ එක් වූ සටන් සංඛ්‍යාව 200කට අධිකය. වසර 1945 දෙවන ලෝක සංග්‍රාමය අවසන් වූ කාලයේ සිට වසර 2001 දක්වා ලෝකයේ ප්‍රදේශ 153ක සිදු වූ ප්‍රචණ්ඩ ගැටුම් 248ක් අතරින්, ඇමරිකාව විසින්ම ආරම්භ කළ ඒවා සංඛ්‍යාව 201කි. සියවස් දෙකක කාල වකවානුව තුළදී යුද්ධය හා ප්‍රචණ්ඩත්වය නොකඩවාම ඇමරිකාවේ ඩී.එන්.ඒ. ලක්ෂණගතව තිබිණ.

ඇමරිකානු ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයින්ට හිතාමතාම ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම පුරුදුය.  සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම සඳහා ද ඇමරිකානු සාරධර්ම අලෙවි කිරීම සඳහා ද එම රටවල ආණ්ඩු පෙරළා දැමීම සඳහා ද ඔවුහූ හැකි සෑම විධියකින් ම තැත් කරති.

ඇමරිකාව සටන්වලට ඇබ්බැහි වීමේදී එහි ආර්ථික ඉලක්කය ද සැඟවිය නොහැක. මේ ලෝකයේ සටන් තත්ත්වය අඛණ්ඩව පැවතීම, ඇමරිකාවේ අපේක්ෂාවක් බව පිලිපීන ජනාධිපති Rodrigo Duterte මහතා වසර 2019 දී දේශනයක් කරමින් පෙන්වා දුන්නේය. ඊට හේතුව, එසේ වුණහොත් වෙනත් රටවල්වලට ඇමරිකානු යුද ගුවන් යානා, යුද නෞකා හා වෙඩි උණ්ඩ අඛණ්ඩව මිලට ගැනීමට සිදු වන නිසාය. යුද්ධ අවසන් වුණු වහාම ඇමරිකාවේ විශාල පිරිසකට විරැකියාවෙන් සිටීමට සිදු වන බව ද ඔහු පැවසීය.

ගෙවී ගිය දශක දෙක තුළ ත්‍රස්තවාදය මර්දනය කිරීම මුවාවෙන් ඇමරිකාව ලෝකය පුරා යුද්ධ ආරම්භ කළ අතරතුර ඇමරිකානු අවි ආයුධ නිෂ්පාදකයින් විශාල ලෙස මුදල් උපයා ගෙන තිබේ. ප්‍රචණ්ඩත්වය හඹා යමින් විශාල පරිමාණ ප්‍රතිලාභ දිනා ගෙන ඒ ප්‍රතිලාභ ‍සිය ගෝලීය යුද මෙහෙයුම්වලට යොදා ගැනීම, ඇමරිකාවේ පුරුද්දක් වී තිබේ. ඒ හේතුවෙන් ඇමරිකාවේ යුද පිරිවැය අතිවිශාලය. වසර 2020 දී එම ප්‍රමාණය ඇ.ඩො. බිලියන 778ක් වන අතර එය සමස්ත ගෝලීය යුද පිරිවැයෙන් සියයට 39කි. පුදුමාකාර ලෙස විශාල එම යුද පිරිවැය, ඇමරිකාව දාමරිකවාදීව ලෝකය පුරා යුද හා ආරාවුල් ඇති කිරීම සඳහා දැවැන්ත අනුබලයකි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන