බ්‍රික්ස් සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවයේ නව ජවසම්පන්න බව "යෝජනා පහ" මගින් උත්තේජනය කෙරේ
2021-09-10 17:09:32
Share with:

බ්‍රික්ස් සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවයේ නව ජවසම්පන්න බව "යෝජනා පහ" මගින් උත්තේජනය කෙරේ_fororder_rBABCmE7GVmAH5gBAAAAAAAAAAA005.1023x575.800x450

පසුගිය වසර 15 තුළදී බ්‍රික්ස් සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවයේ නව ජවසම්පන්න බව "යෝජනා පහ" මගින් උත්තේජනය කෙරේ

ඊයේ(9) සවස, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දහතුන් වන බ්‍රික්ස් නායකයින්ගේ රැස්වීමට වීඩියෝ ආකාරයකින් සහභාගී වී වැදගත් දේශනයක් පැවැත්වීය. සිය දේශනයෙදී ෂී ජින් පිං මහතා , බ්‍රික්ස් ප්‍රායෝගික සහයෝගිතාව සඳහා යෝජනා පහක් ඉදිරිපත් කළේය.මෙම වැදගත් පියවරයන් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට ලක් වී තිබේ. බ්‍රසීලයේ චීන පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොනී ලින්ස් මහතා පැවසුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා කළ මෙම මුලපිරුම බ්‍රික්ස් රටවල තවදුරටත් සංවර්ධනය සඳහා ශක්තියක් ලබා දුන් බවයි.

බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය ස්ථාපිත කර මේ වසරට වසර 15 ක් සපිරේ. පසුගිය වසර 15 තුළදී, බ්‍රික්ස් සංවිධානයේ ප්‍රායෝගික සහයෝගිතාවය වැදගත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර ලෝක සාමය හා සංවර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී තිබේ. ආර්ථිකය සහ වෙළෙඳාම උදාහරණයක් ලෙස ගතහොත්, 2020 දී රටවල් පහේ සමස්ත ආර්ථික නිමැවුම ලෝකයෙන් 24.42% ක් පමණ වූ අතර ඇස්තමේන්තු කර ඇති මුළු වෙළඳාම  ලෝකයෙන් 16.98% ක් විය.

මෙම යෝජනා පහ මඟින් බ්‍රික්ස් ප්‍රායෝගික සහයෝගිතාව උසස් තත්ත්වයේ දිශාවකට ප්‍රවර්ධනය කිරීමේ මාවත පෙන්වා දෙන අතර බ්‍රික්ස් සංවිධානයට "සැබෑ බහුපාර්ශ්විකවාදය පුරුදු පුහුණු කිරීම", "ගෝලීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ වසංගතයට එරෙහිව සටන් කිරීම", "විවෘත හා නවෝත්පාදන වර්‍ධනය" ප්‍රවර්‍ධනය කිරීම සඳහා වගකිව යුතු ය. එමෙන්ම "පොදු සංවර්ධනය ප්‍රවර්‍ධනය කිරීම" "සහ අනෙකුත් ජාත්‍යන්තර වගකීම් මඟින් ශක්තිය එකතු කර තිබේ.

ලබන වසරේදී චීනය බ්‍රික්ස් රටවල 14 වන නායක රැස්වීමට සත්කාරකත්වය ලබා දෙනු ඇත. පුනර්ජීවනය සඳහා වූ බ්‍රික්ස් යාන්ත්‍රණය ප්‍රවර්‍ධනය කිරීම වෙනුවෙන් ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩි වැඩියෙන් "බ්‍රික්ස් බලය" එන්නත් කිරීමට චීනය ප්‍රඥාව සහ ක්‍රියාවන් මගින් අඛණ්ඩව දායක වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන