බ්‍රික්ස් රටවල නායකයින්ගේ 13වැනි හමුවට චීන ජනාධිපතිවරයාගෙන් දේශනයක්
2021-09-10 11:21:20
Share with:

චීන ජනාධිපතිවරයා  බ්‍රික්ස් රටවල නායකයින්ගේ 13වැනි හමුවට එක් වෙයි

චීන ජනාධිපතිවරයා බ්‍රික්ස් රටවල නායකයින්ගේ 13වැනි හමුවට එක් වෙමින් දේශනයක් පවත්වයි.

බ්‍රික්ස් රටවල නායකයින්ගේ 13වැනි හමුව වීඩියෝ ආකාරයෙන් ඊයේ (09) පැවැත්විණ.

මෙම වසර බ්‍රික්ස් රටවල් සහයෝගිතා පැවැත්වූ 15වැනි සංවත්සරයයි. ගත වූ වසර 15 තුළ, රටවල් පහ ජගත් ප්‍රජාවේ සැලකිය යුතු වැදගත් බලවේගයක් බවට පත්ව ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. මේ වසරේ නව කොරොනා වසංගතයෙන් එල්ල වූ බලපෑම් වලට මුහුණ දුන් රටවල් පහ බ්‍රික්ස් රටවල් සහයෝගිතා සංවර්ධන ප්‍රවණතාව පොළඹා විවිධ ක්ෂේත්‍ර වල නව ජයග්‍රහණ ලබා ගෙන තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

රටවල් පහ සැබෑ බහුපාර්ශ්වවාදය හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්මය අනුගමනය කළ යුතු ය.ගෝලීය වසංගත මර්දනය තහවුරු කරමින්, එකමුතුව වසංගතයට මුහුණ දිය යුතු බව හෙතෙම පැවසීය. එමෙන්ම, විවෘත නවීකරණ සංවර්ධනයට පොළඹවමින් ලෝක ආර්ථීක පුනරුත්ථාපනයට සහය දිය යුතු ය.පොදු සංවර්ධනය ඉදිරියට ගෙන යමින් එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන වැඩසටහන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

බ්‍රික්ස් රටවල් ප්‍රායෝගික සහයෝගිතා වඩාත් ඉහළ ගුණාත්මකභාවයේ දිශාවට ගෙන යා යුතු ය.ලබන වසරේ බ්‍රික්ස් රටවල නායකයින්ගේ 14වැනි හමුව චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. බ්‍රික්ස් හවුල්කාරී රටවල් එක්ව ඒ ඒ ක්ෂේත්‍ර වල පවතින සහයෝගිතා පූර්ණ ලෙස තහවුරු කර, වඩාත් සමීප හා ප්‍රායෝගික සම්බන්ධතා ගොඩනගා ගනිමින්, පොදු තර්ජනවලට මුහුණ දී සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන