චීන ජනාධිපතිවරයා බ්‍රික්ස් රටවල නායකයින්ගේ 13වැනි හමුවට එක් වෙයි
2021-09-09 20:53:25
Share with:

චීන ජනාධිපතිවරයා  බ්‍රික්ස් රටවල නායකයින්ගේ 13වැනි හමුවට එක් වෙයි_fororder_1631206734157_230

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (09) රාත්‍රී බ්‍රික්ස් රටවල නායකයින්ගේ 13වැනි හමුවට වීඩියෝ ආකාරයෙන් එක් විය.ඔහු පවසන්නේ මෙම වසර බ්‍රික්ස් රටවල් සහයෝගිතා පැවැත්වූ 15වැනි සංවත්සරය බවයි. ගත වූ වසර 15 තුළ, රටවල් 5 සමානත්වයේ එල්බ සිටිමින්, එකිනෙකා ආශ්‍රය කිරීමේ නිවැරදි ක්‍රම අඛණ්ඩ ව ගවේෂණය කර තිබේ. ප්‍රායෝගික නිර්මාණශීලීත්වයේ හා සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ ලැබීමේ නියැළි සිටින එම රටවල් පහ බහුපාර්ශ්වවාදයට සහාය වෙමින් ගෝලීය පාලනයට ඉදිරිපත් වෙයි. එමගින්, බ්‍රික්ස් රටවල් ජගත් ප්‍රජාවේ සැලකිය යුතු වැදගත් බලවේගයක් බවට පත් ව ඇත. කවර දුෂ්කරතාවන්ට මුහුණ දුන්න ද එකමුතුවෙන් කටයුතු කිරීමෙන්, බ්‍රික්ස් රටවල පවතින සහයෝගිතා වඩාත් සුමට ලෙස ඉදිරියට පවත්වා ගෙන යාමේ හැකියාව සත්‍ය  කරුණු මගින් පිළිබිඹු වී ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සඳහන් කරයි. ලබන වසරේ බ්‍රික්ස් රටවල සභාපති රට වශයෙන් චීනය බ්‍රික්ස් රටවල නායකයින්ගේ 14 වන රැස්වීමේ සත්කාරකත්වය ලබා ගැනීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. බ්‍රික්ස් හවුල්කරුවන් සමඟ එක්ව විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතා ගැඹුරු කරමින්, වඩාත් සමීප හා ප්‍රායෝගික හවුල්කාරිත්වය ගොඩනගා, අභියෝගයන්ට පොදුවේ මුහුණ දෙමින් යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට චීනය කැමති බව ද හෙතෙම සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන