ඇමරිකාව, චීන ඇමරිකා දේශගුණික විපර්යාස සහයෝගිතාවයට හිතකර කොන්දේසි නිර්මාණය කළ යුතුය
2021-09-06 19:53:41
Share with:

ඇමරිකාව, චීන ඇමරිකා දේශගුණික විපර්යාස සහයෝගිතාවයට හිතකර කොන්දේසි නිර්මාණය කළ යුතුය_fororder_QQ图片20210906195304

ඇමරිකාව චීන ඇමරිකා දේශගුණික විපර්යාස සහයෝගිතාවයට හිතකර කොන්දේසි නිර්මාණය කළ යුතුය.

දේශගුණික ගැටලු පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත John Forbes Kerry මහතා පසුගියදා සිය චීන සංචාරය අවසන් කළේය. සමහර බටහිර මාධ්‍ය සිතන්නේ එය “නිෂ්ඵල ආපසු පැමිණීමක්” ලෙසය. නමුත් මෙය එසේ නොවේ. John Forbes Kerry මහතාගේ සංචාරය චීන ඇමරිකා සබඳතා දුෂ්කරතාවන්ගෙන් ගැලවීම සඳහා හොඳම මාර්ගය ගෙන ආවේය.

චීනයේ අභ්‍යන්තර කටයුතු වලට බාධා කරන සහ චීනයේ උවමනාවන්ට හානි පමුණුවන බරපතල වැරදි ප්‍රතිපත්ති මාලාවක් ඇමරිකාව අනුගමනය කර ඇති හෙයින්, යම් කාලයක් චීන ඇමරිකා සබඳතා බරපතල දුෂ්කරතාවන්ට ලක්වීමට සිදු විය. මෙම සන්දර්භය තුළ, John Forbes Kerry මහතා වසර භාගයක් තුළදී දෙවරක් චීනයේ සංචාරය කළ අතර එය චීන ඇමරිකා  සබඳතාවල දුර්ලභ “දීප්තිමත් ස්ථානයක්” ලෙස සැලකේ. Kerry මහතාගේ චීන සංචාරයේදී දේශගුණික විපර්යාස සඳහා වූ චීන විශේෂ නියෝජිත Xie Zhenhua මහතා ඔහු සමඟ සාකච්ඡා කළ අතර චීනයේ උසස් නිලධාරීන් ගණනාවක් ඔහු සමඟ වීඩියෝ සාකච්ඡා පැවැත්වූහ. දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියට අදාළ දේශගුණ විපර්යාස සහයෝගිතාව සහ එහි පාර්ශවයන්ගේ විසි හයවන සමුළුව පිළිබඳව චීනය සහ ඇමරිකාව අදහස් හුවමාරු කර ගත්හ.

සැවොම දන්නා පරිදි, කාර්මිකකරණ ක්‍රියාවලියේ සිට සංවර්ධිත රටවල කාබන් උච්චතම අවස්ථාව දක්වා සාමාන්‍යයෙන් වසර සීයක් හෝ දෙසීයක් ගත වී ඇති අතර චීනයට ගත වන්නේ වසර 50 කට වැඩි කාලයක් පමණි. කාබන් උපරිමයේ සිට කාබන් මධ්‍යස්ථභාවය දක්වා යුරෝපා සංගමය වසර 71 ක් ද, ඇමරිකාව අවුරුදු 43 ක් ද, ජපානය අවුරුදු 37 ක් ද, චීනය තමන්ගේම ඉලක්කය ලෙස වසර 30 ක් ද භාවිතා කරයි.

චීනය සියළුම රටවල සංවර්‍ධනයට සහ තේරීමට ඇති අයිතියට ගරු කරන අතර චීනය සතු සංවර්ධනයේ හා තෝරා ගැනීමේ අයිතියට ද ගරු කළ යුතුය. චීනය සහ ඇමරිකාව දේශගුණික විපර්යාස, වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ගැටලු මාලාවක් වැනි ද්වීපාර්ශවික ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවයට ඉඩ ඇත. චීන-ඇමරිකා සබඳතා වැඩිදියුණු කර චීන-ඇමරිකා දේශගුණික විපර්යාස සහයෝගීතාව සඳහා හිතකර කොන්දේසි නිර්මාණය කිරීමට ඇමරිකාව දැඩි පියවර ගත යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන