වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම ඇමරිකාව ක්‍රියාත්මක කළ යුත්තේ තම රට තුළයි
2021-08-30 19:40:04
Share with:

වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම ඇමරිකාව ක්‍රියාත්මක කළ යුත්තේ තම රට තුළයි_fororder_1630249714653_22_1024x493

පසුගිය 27 වනදා ඇමරිකානු බුද්ධි අංශය COVID-19 මූලාරම්භය පිළිබඳ වාර්තාවක සාරාංශය නිකුත් කළේ ය. වචන 498කින් සමන්විත එම සාරාංශය මගින් COVID-19 වෛරසයේ මූලාරම්භය ගැන කිසිදු සාක්ෂියක් ඇතුළත් වී ‍නොමැත.

ඇමරිකාව විසින් ක්‍රියාත්මක කරන ලද මෙවර COVID-19 මූලාරම්භය සොයා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර, ඇමරිකානු ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර ඇත.ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ සිය රටේ බුද්ධි අංශය තුළ වෛරසයේ මූලාරම්භය සමබන්ධයෙන් මතභේද තිබෙන බවයි.වෛරසය ස්වභාවයෙන් මතු වීම හෝ රසායනාගාරයකින් කාන්දු වීම  හෝ  යන සම්භාවිතාවන් දෙකක් තිබෙන අතර පැහැදිලි නිගමනයකට තවමත් නොඑළඹෙන බව එම නිවේදනයේ සඳහන් විය. එහෙත් දින 90ක වි‍ශ්ලේෂණයන් ගෙන් පසුව වුවද අදාළ උපකල්පන දෙකේ වෙනසක් සිදුව නොමැත.

එම වාර්තාව තුළ ඇමරිකානු බුද්ධි අංශය “වෛරසය රසායනික අවියක් නොවීම හා ජානමය ව්‍යාපෘතියක් නොවීම” යන එකම නිගමනය පමණයක් ලබා දී ඇත.ඔවුන් මේ නිගමනය කෙරෙහි දැඩි විශ්වාසයකට එළඹීමේ හේතු කවරේ ද?

මේ වනවිට විවිධ  COVID-19 මූලාරම්භය සොයා ගැනීමේ කටයුතු වලින් ලද තොරතුරු ඇමරිකාව හා සම්බන්ධ වීම සලකා ඇමරිකානු බුද්ධි අංශයේ සැබෑ අරමුණ පැහැදිලි කළ හැකිය.ඇමරිකානු Fort Detrick විද්‍යාගාරය කෙරෙහි පරීක්ෂණයක් පවත්වන ලෙසට ලොව පුරා මිලියන 25කට වැඩි පිරිසක් ඉල්ලීමක් කර ඇත. එමෙන්ම, මෑතකදී කොරොනා වෛරස් ප්‍රභේද පර්යේෂණ හා ජාන සැකසුම් විෂයන්හි නිරත වන ඇමරිකානු Ralph Steven Baric නම් මහාචාර්යවරයෙකුගේ විද්‍යාගාරයක් ජගත් ප්‍රජාවේ පොදු අවධානයට ලක්විය.

සාධාරණ සැක සම්බන්ධයෙන් ඇමරිකාව සත්‍ය ආවරණය කර සිය වගකීම් භාර නොගැනීමට උත්සාහ දරමින් සිටී. රටේ ‘නම්බුව’ ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකාව අදාළ වගකීම් චීනයට පැවරීමට තැත් කර ඇත. වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ කටයුතු සාර්ථක නොවූයේ චීනයේ විනිවිදභාවයක් නොමැති වීමෙන් බව ඇමරිකාව කියා සිටියේ ඒ ‍හේතුවෙනි.

චීන-ලෝක සෞඛ්‍ය සංවිධාන ඒකාබද්ධ පර්යේෂණ වාර්තාව ඇමරිකාව නිසි ලෙස කියවිය යුතු ය. ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥ කණ්ඩායම වූහාන් නගරයට පැමිණ පරීක්ෂණ හා සමීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.ඔවුන් හමුවීමට අවශ්‍ය සියළු පුද්ගලයන් හමුවූ අතර අදාළ දත්ත විමසා බලා ඇත. සහයෝගිතා සමීක්ෂණ රාමුවක් ද දෙපාර්ශ්වය ස්ථාපිත කළහ.එහෙත් ඇමරිකාව වඩාත් විනිවිද හා විවෘත විය යුතු ය. වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ කටයුතු ඇමරිකාව තම රට තුළ ක්‍රියාත්මක කළ යුතු ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන