මුහුදු වැලි පිරිසිදු කර ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගැනීම වේගවත් කෙරේ
2021-08-16 18:50:06
Share with:

මුහුදු වැලි පිරිසිදු කර ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගැනීම වේගවත් කෙරේ_fororder_海沙利用

ගංගා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ගංගා හාරා වැලි ගොඩ දැමීම තහනම් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වන වැලි, මුහුදු වැලි පිරිසිදු කිරීමෙන් ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කියා සිටී.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන්  අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මුතුරාජවෙල වැලි අංගනයෙන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබා ගත හැකි ආකාරයට මුහුදු වැලි සකස් කිරීමේ වැඩපිළිවෙල වේගවත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සඳහා ප්‍රයෝජනයට නොගත් මෙම මුහුදු වැලි වසර ගණනක් පුරා වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් පැවතිණ. ඉංජිනේරුවන්ගේ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව මෙම වැලි සම්බන්ධව ලබාගත් තත්ත්ව පරීක්ෂණ වාර්තා තහවුරු කර තිබුණේ, එම වැලි ගංගා වැලි මෙන් සාමාන්‍ය වැලි වල තත්ත්වයට පත්ව ඇති බවටයි.  

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා සකස් කළ මුතුරාජවෙල මුහුදු වැලි අංගනය ගොඩ ගසන ලද මුහුදු වැලිවලින් පිරී තිබීම සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳ සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන්  අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට උපදෙස් ලබා දුන්නේය.

මෙම මුතුරාජවෙල වැලි අංගනය තුළින් සෝදා පිරිසිදු කර වියළා හලාගන්නා ලද මුහුදු වැලි ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා භාවිතා කිරීමත් සමඟ ම ගංගා ඉවුරු කඩා වැටීම සහ ගංගා පතුල හැරීම වළක්වමින් ඒවා ආරක්ෂා කිරීමට හැකි වනු ඇත.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන