සිව්වෙනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිය පදක්කම් රන් පදක්කමක් බවට පත් කළ චීන යගුළිය විසි කිරීමේ ක්‍රීඩිකා Gong Lijiao
2021-08-12 10:27:41
Share with:

සිව්වෙනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිය පදක්කම් රන් පදක්කමක් බවට පත් කළ චීන යගුළිය විසි කිරීමේ ක්‍රීඩිකා Gong Lijiao_fororder_8b13632762d0f703daad19653444bc352797c5b7

සිව්වෙනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිය පදක්කම් රන් පදක්කමක් බවට පත් කළ චීන යගුළිය විසි කිරීමේ ක්‍රීඩිකා Gong Lijiao_fororder_eac4b74543a98226c0fcde6dc93c54094b90eb86

Gong Lijiao, චීනයේ යගුළිය විසි කිරීමේ ඉසව්වේ ඉහළ දස්කම් දක්වන ක්‍රීඩිකාවක්. පසුගිය 8වැනි දා නිමාව දුටු 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තරග වැදුණු Gong, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූයේ 4වැනි අවස්ථාවටයි. ඇය ප්‍රථම වරට සහභාගී වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2008 වසරේ බෙයිජිංහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. ඒ වතාවේ හා ඉන් පසු ඇය එක් වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වලදී, කාන්තා යගුළිය විසි කිරීමේ තරග ඉසව් වල රිදී පදක්කම, ලෝකඩ පදක්කම හා 4වැනි ස්ථානය හිමි කර ගැනීමට ඇය සමත් වුණා. මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී Gong Lijiaoට හැකි වී තිබෙන්නේ, එම පදක්කම් රන් පදක්කම බවට පත් කිරීමටයි.

පසුගිය 2016 Rio ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, ශූරිය බවට  පත්වීමේ වැඩි ම අපේක්ෂාවක් සහිතව සිටි Gongට අනපේක්ෂිත ව රන් පදක්කම අහිමි වුණා. එවිට, ඇයගේ සිත තුළ තමා ගැන සැකයක් ඇති වුණා. නමුත්, ඇය එක දිගටම පුහුණුවීම් වල නිරත වුණා. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී, Gong කැපී පෙනෙන දස්කම් දක්වමින් ශූරිය ලෙස ජය ගත්තා. අවසාන මහා තරගයෙන් පසු, Gongට සතුට නිසා, දෙනෙතින් කඳුළු ගලා ගියා. ඇය පැවසුවේ ශූරිය ලෙස ජය ගැනීම පිළිබඳව බොහෝ වරක් සිතා තිබෙන බවයි. හීනයක් දැක්කා වගේ ඇය රන් පදක්කම හිමි කර ගත්තා. සම්මානය ලබා ගැනීමේ උස ම වේදීකාවට ගොඩ නැගීමට සියලු කැපවීම් හා වෙහෙස ඉතා වටිනා බව ද ඇය සඳහන් කරනවා.

සිව්වෙනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිය පදක්කම් රන් පදක්කමක් බවට පත් කළ චීන යගුළිය විසි කිරීමේ ක්‍රීඩිකා Gong Lijiao_fororder_7acb0a46f21fbe096664f99257dee13b8644ad40

සිව්වෙනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිය පදක්කම් රන් පදක්කමක් බවට පත් කළ චීන යගුළිය විසි කිරීමේ ක්‍රීඩිකා Gong Lijiao_fororder_9f2f070828381f30b2ee2f1e92bfa1006c06f0dd

සිව්වෙනි වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් සිය පදක්කම් රන් පදක්කමක් බවට පත් කළ චීන යගුළිය විසි කිරීමේ ක්‍රීඩිකා Gong Lijiao_fororder_a8773912b31bb051b5e8329013a83ebc48ede091

යගුළිය විසි කිරීමේ පුහුණුව ඒකාකාරී බව Gong පවසනවා. මිලියන වාර ගණනක විසි කිරීමේ පුහුණු මගින්, ප්‍රතිඵල ඉහළ නැංවීමේ අවස්ථා ලැබේවී. තමන්ගේ රන් පදක්කම හා ප්‍රචාරය මගින්, යගුළිය විසි කිරීම යන ඉසව්ව ජනප්‍රිය වනු ඇති බව Gong Lijiao ගේ බලාපොරොත්තුවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන