නව කොරොනා වෛරසය වූහන් විද්‍යාගාරයෙන් කාන්දුවීම පිළිබඳ කතාව ප්‍රංශ විශේෂඥයෙක් ප්‍රතික්ෂේප කරයි
2021-08-04 13:22:39
Share with:

නව කොරොනා වෛරසය වූහන් විද්‍යාගාරයෙන් කාන්දුවීම පිළිබඳ කතාව ප්‍රංශ විශේෂඥයෙක්  ප්‍රතික්ෂේප කරයි_fororder_QQ图片20210804132135

නව කොරොනා වෛරසය වූහන්හි විද්‍යාගාරයකින් කාන්දුවීම පිළිබඳ කතාව ප්‍රංශ විශේෂඥයෙක්  ප්‍රතික්ෂේප කරයි.

වූහන් වෛරස පර්යේෂණ ආයතනයේ P4 හෙවත් 4 වන ජෛව සුරක්ෂිතතා මට්ටමේ විද්‍යාගාරයේ ඉදිකිරීම් කටයුතු වලට සහභාගී වූ ප්‍රංශයේ ජෛව සුරක්ෂිතතා පිළිබඳ විද්‍යාඥ Gabriel Gras මහතා මේ බව ප්‍රකාශ කළේ ය. නව කොරොනා වෛරසය වූහන් නගරයේ පිහිටි වෛරස විද්‍යාගාරයකින් කාන්දුවීම පිළිබඳ කුමන්ත්‍රණ කතාව ඇතැම් බටහිර මාධ්‍ය ආයතන ඉතා උනන්දුවෙන් උද්දීපනය කරමින් පවතී. ෂින්හුආ ප්‍රවෘත්ති ඒජන්සියේ සම්මූඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම කුමන්ත්‍රණය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. වූහන් වෛරස පර්යේෂණ ආයතනයේ P4 විද්‍යාගාරය ප්‍රංශය හා චීනය අතර සමීප සහයෝගිතාව යටතේ ඉදි කෙරුණු බවත් එහි ආරක්ෂිතභාවය ගැන  කිසිදු සැකයක් නොමැති බවත් ඔහු පැවසීය.

P4 හෙවත් 4 වන ජෛව සුරක්ෂිතතා මට්ටමේ විද්‍යාගාරයක් තුළ සිදු කෙරෙන ජෛව පර්යේෂණ කටයුතු වලට විශාල වියදමක් හා කාලයක් අවශ්‍ය වේ. විද්‍යාඥයන් P4 ජෛව විද්‍යාගාරයක් භාවිත කරමින් 3 වන ජෛව සුරක්ෂිතතා මට්ටමක පවතින ව්‍යථජනන පර්යේෂණ නොකරනු ඇත.එමෙන්ම 2 වන ජෛව සුරක්ෂිත මට්ටමේ පවතින ව්‍යථජනන පර්යේෂණ සිදු කිරීමේදී P3 ජෛව විද්‍යාගාර භාවිත කළ නොහැකිය.එය පොදු පිළිගැනීමකි.Covid-19 යන කොරොනා වෛරස් P3 හෝ P2 මට්ටමේ ව්‍යථජනන වලට අයත් වන බැවින් වූහන් වෛරස පර්යේෂණ ආයතනයේ P4 විද්‍යාගාරයෙන් එය කාන්දුවිය නොහැකි බව හෙතෙම විස්තර කළේය.

නව කොරොනා වෛරසය වූහන් විද්‍යාගාරයෙන් කාන්දුවීම පිළිබඳ කතාව ප්‍රංශ විශේෂඥයෙක්  ප්‍රතික්ෂේප කරයි_fororder_QQ图片20210804132139

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන