චීන විදේශ අමාත්‍යවරයා ආසියාන් සංගමය හා චීනය, ජපානය දකුණු කොරියාව යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක් වෙයි
2021-08-04 10:24:11
Share with:

චීන විදේශ අමාත්‍යවරයා ආසියාන් සංගමය හා චීනය, ජපානය දකුණු කොරියාව යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක් වෙයි_fororder_W020210804324466250390

චීන විදේශ අමාත්‍යවරයා ආසියාන් සංගමය හා චීනය, ජපානය දකුණු කොරියාව යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක් වෙයි.

චීන විදේශ අමාත්‍යවරයා ආසියාන් සංගමය හා චීනය, ජපානය දකුණු කොරියාව යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක් වෙයි_fororder_W020210804324466238729

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා වීඩියෝ ආකාරයෙන් ඊයේ(03) සවස එම රැස්වීමට සහභාගී විය.

ඔහු සඳහන් කළේ, වත්මන් ගෝලීය නව කොරොනා වසංගත තත්ත්වය අඛණ්ඩ ව උග්‍ර වෙමින් පවතින බවයි. නව අභියෝග නොකඩවා ම ඉස්මතු වී ඇත. ප්‍රායෝගික සහයෝගීතා පුළුල් ලෙස පවත්වා ගනිමින් නැගෙනහිර ආසියානු රටවල අර්බුදයන්ට මුහුණ දීමේ හැකියාව අඛණ්ඩ ව ඉහළ නැංවිය යුතු ය. ආසියාන් සංගමයට අයත් රටවල් 10 හා චීනය, ජපානය හා දකුණු කොරියාව යන රටවල් තුන අතර පවතින සහයෝගීතාවන් හි උද්‍යෝගය ඉහළ නංවමින්, නැගෙනහිර ආසියාවේ දුෂ්කර ක්‍රමවලින් ලබා ගත් ස්ථාවරත්වය හා සමෘද්ධිය පොදුවේ ආරක්ෂා කළ යුතු බව ද චීන විදේශ අමාත්‍ය වං යී මහතා පෙන්වා දුන්නේ ය.

රැස්වීමට එක් වූ සෙසු රටවල විදේශ අමාත්‍යවරුන් පැවසුවේ ‘ 10+3 ’ රටවල් පෙරට වඩා එකමුතුවෙන් සහයෝගීතා පැවැත්විය යුතු අතර, විවෘත හා ඉවසිලිවන්න බවේ දැඩි ලෙස රැඳී සිටිය යුතු බවයි. අන්‍යෝන්‍ය හවුල්කාරීත්වය තහවුරු කරමින්, කාර්මික දාමයන් හා සැපයුම් දාමයන් සහතික කොට, විවිධ අවදානම් හා අභියෝගයන්ට මුහුණ දීමේ නම්‍යශීලීත්වය වර්ධනය කළ යුතු බව අමාත්‍යවරුන්ගේ අදහස ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන