නේපාල අගනුවර අවහිර විධිවිධාන තවත් සතියකින් දීර්ඝ කෙරේ
2021-08-04 10:02:55
Share with:

නේපාල අගනුවර  අවහිර විධිවිධාන තවත් සතියකින් දීර්ඝ කෙරේ_fororder_8a3e7d24903000ab77f8a8253b92e9ea

නව කොරොනා වසංගතය මර්දනය කිරීම සඳහා නේපාල අගනුවර ක්‍රියාත්මක අවහිර විධිවිධාන තවත් සතියකින් දීර්ඝ කෙරේ.

කත්මන්ඩු නිම්න ප්‍රදේශයේ ඇති කත්මන්ඩු කෝරළ, Lalitpur කෝරළ හා Bhaktapur කෝරළ ඒකාබද්ධ රැස්වීමක් පවත්වමින් 4වැනිදා රාත්‍රී අවසන් වීමට නියමිතව තිබූ සිය ප්‍රදේශයේ අවහිර කිරීමේ විධිවිධාන 11 වනදා දක්වා තව සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

අප්‍රේල් මාසයේ මුල් භාගයේ නේපාලයේ නව වසංගත රැල්ලක් ඇති විය. කත්මන්ඩු නිම්නය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල අවහිර විධිවිධාන ක්‍රියාත්මක කිරීම අප්‍රේල් 29 වනදා ඇරඹිණ. අනතුරුව කත්මන්ඩු නිම්න ප්‍රදේශයේ අවහිර තත්ත්වය යළි යළිත් දීර්ඝ කර ඇත. වසංගත පාලනය ද ලිහිල් කර නොමැත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන