වයස අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය සඳහා සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක්
2021-08-03 19:14:13
Share with:

වයස අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය සඳහා සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක්_fororder_sinophar

වයස අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය සඳහා සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් එලඹෙන සතියේදී ලැබීමට නියමිත බව ‍ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු තිහට වැඩි ජනගහනය ලක්ෂ එකසිය පහළොවක් පමණ වන අතර ඉන් ලක්ෂ සියයකට පමණ කොරෝනා එන්නත්කරණය සිදු කර අවසන් බව ‍හෙතෙම පැවසිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධාන කරන ලද කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් ඊයේ (02) අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී පැවති අතර  එන්නත්කරණය පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ඇමැතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අගෝස්තු මස අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලුම දෙන එන්නත්කරණය කර අවසන් කිරීමට ලබා දුන් ඉලක්කය ඊට ප්‍රථම අවසන් කිරීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන