තම ජීවිතය තීරණය කෙරෙන්නේ තමා විසිනි
2021-08-03 14:00:34
Share with:

තම ජීවිතය තීරණය කෙරෙන්නේ තමා විසිනි_fororder_TIM图片20210803135920

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ රන් පදක්කම දිනාගත් චීන ක්‍රීඩක ෂෙන් ලීජියුන් පිළිබඳ තොරතුරු අද වැඩසටහනෙන් ඔබට ගෙන ඒමට කැමති.

ඔහු උපන්නේ චීනයේ හුනන් පලාතේ අන්හුවා ‍කෝරළයේයි. එය චීනයේ ජාතික මට්ටමේ දිළිඳු කෝරළයක් ලෙසට හැඳින්වුණා. ෂෙන් ලීජියුන් ගේ පියා ශක්තිවන්ත සුපිරි කෙනෙක් ලෙසට ගමේ ප්‍රසිද්ධවී සිටියා. 10 හැවිරිදි පුතා ක්‍රීඩා පාසලට එවන්න කියා ඔහුට යෝජනා කෙරුණා. එවක ෂෙන් ලීජියුන් ගේ උස ප්‍රමාණය මීටර් 1.3ක් පමණ වුණාට මීටර් දෙකයි දශම තුනක දුර පැන පුෂ් අප්ස් 50කට වැඩියෙන් කිරීමේ හැකියාවෙන් යුතු කෙනෙක් වුණා. එහි ළමා ක්‍රීඩා පාසලේ බර ඉසිලීමේ පුහුණුකරු ජිඅන්ග් මහතා ෂෙන් ලීජියුන් බර එසෙවුම් ළමා කණ්ඩයමට එකතු කරගැනීමට දැක්වූයේ ඉහළ උනන්දුවක්. ෂෙන් ලීජියුන් ගේ පියා ඊට ප්‍රශංසාව පළ කළාට මේ තරම් බරපතල ක්‍රීඩාවකට පුතා ව යොමු කරන්න අම්මා ගේ තිබු‍නේ අකමැත්තක්. ෂෙන් ලීජියුන් බර ඉසිලීමේ ක්‍රීඩාවට සුදුසු කෙනෙක් බව දැඩි විශ්වාසයකින් සිටි නිසා ජිඅන්ග් පුහුණකරුවා පාසල් ගිම්හාන නිවාඩු සමයේ ෂෙන් පවුලට පස් වතා පැමිණ තම අරමුණ වෙනුවෙන් ඔවුන් පෙළඹුවා. අන්තිමේදී  අම්මා ඊට එකඟවුණා. ක්‍රීඩා පාසලට ඇතුළත් වූ මුල් කාලයේ ෂෙන් ලීජියුන් ඉතා දැඩිව පුහුණුවීම්වලට එක් වුණා. එහෙත් ඔහුගේ පියා දැඩිව අසනීප වීමෙන් පසු අම්මාට උදව් කිරීම සඳහා ඔහු ක්‍රීඩා පාසලෙන් ඉවත් වෙන්න තීරණය කළා. බර ඉසිලීම පිළිබඳ ඔහුගේ විශේෂ හැකියාව දුටු  ඔහුගේ අම්මා සහ පුහුණුකරු ඊට  කැමති වුණේ නැහැ. අම්මා රැකියා දෙක තුනක් එකවර කරමින් මුළු පවුලේ වියදම සලසා ගන්න උත්සාහ කළා. අම්මා ගේ සහයෙන් ෂෙන් ලීජියුන් නැවත ක්‍රීඩා පාසලට පැමිණ බර ඉසිරීමේ පුහුණුවට එකතු වුණා.

තම ජීවිතය තීරණය කෙරෙන්නේ තමා විසිනි_fororder_TIM图片20210803135927

මුළු පවුලේ බලාපොරොත්තුව රැගෙන ෂෙන් ලීජියුන් කළින්ට වඩා දැඩි උනන්දුවකින් පුහුණුවීම් සිදු කළා.

අවුරුදු 6ක පුහුණුවෙන් පසු 2010 වසරේ දී, 17 හැවිරිදි ෂෙන් ලීජියුන් ලෝක තරුණ ශූරතාවලිය දිනා ගත්තා. 2013 වසරේ ඔහු ලෝක බර ඉසිරීමේ ශූරතාව ද දිනා ගත්තා. එහෙත් ඊට වසරකට පෙර දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් මිය ගිය ඔහු ගේ පියාට සිය පුතුගේ දක්ෂතාව දකින්න බැරිවුණා. 2015 වසරේ ෂෙන් ලීජියුන් බර ඉසිරීමේ ලෝක වාර්තාවක් නිර්මාණය කළා.

තම ජීවිතය තීරණය කෙරෙන්නේ තමා විසිනි_fororder_TIM图片20210803135930

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ෂෙන් ලීජියුන් කිලෝක්‍රම් 187ක බර සිට හිසට ඉහළින් ඔසවමින් තත්පර හයක් සිටගෙන සිටීමට සමත්  වුණා. සාමාන්‍යයෙන් ක්‍රීඩකයා බර හිසට ඉහළින් තප්පර තුනක් ස්ථිරව සිට ගැනීමෙන් එහි වලංගු බව පිළිගැනෙනවා. ෂෙන් ලීජියුන් මෙතෙක් කවුරුන් හෝ ඔසවා නැති කිලෝක්‍රම් 187ක් තත්පර හයක් ඔසවමින් සිටගෙන සිටීමට සමත් වුණා. ඒ චීනයේ බර ඉසිරීමේ චින්තනයයි. තම ජීවිතය තීරණය කෙරෙන්නේ තමා විසින් ම කියා ෂෙන් ලීජියුන්ගේ ස්ථිර විශ්වාසයෙන් යළිත් පැහැදිලි වුණා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන