කොරොනා වෛරසයේ මූලාශ්‍රය පරීක්ෂණාගාරයකින් පිටවීම බැහැර නොකරන බවට පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මීළඟ අදියරේ කොරොනා වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.මේ තත්ත්වය හමුවේ, ඇමරිකාවේ Fort Detrick පරීක්ෂණාගාරය කෙරේ පරීක්ෂණය කිරීම පිළිබඳ ජගත් ඉල්ලුම එන්න එන්න උණුසුම් වී තිබේ.
ජගත් ප්‍රජාවේ ඉල්ලුම පූර්ණ හේතු සහගතය.
වසර 2019 ජූලි මාසයේ අසාමාන්‍ය සිදුවීම් දෙකක් ඇමරිකාවේ සමකාලීනව සිදු විය. Fort Detrick පරීක්ෂණාගාරය වසා දමන බව ඇමරිකානු හමුදාව හදිසියේම ප්‍රකාශ කළේය. මේ අතර එරට ජනපද කිහිපයකින් ම ‘විද්‍යුත් දුම්පාන නියුමෝනියාව’ වාර්තා විය. එම රෝගී ලක්ෂණ නව කොරොනා රෝගී ලක්ෂණ හා බොහෝ සෙයින් සමානය. Fort Detrick පරීක්ෂණාගාරයෙන් වෛරසය පිටවී ඇතැයි එවිටම බාහිර ලෝකයේ සැකයක් මතුවිය. චීනය ආක්‍රමණය කළ අපකීර්තිමත් ජපාන 731 හමුදාවේ අපරාධකරුවන් යොදාගත් මානවයන්ට අති අනතුරුදායික වෛරස් හා බැක්ටිරියා Fort Detrick පරීක්ෂණාගාරයේ තැන්පත්ව තිබීම එම සැකයට හේතුවය. අනතුරුව, ඉතිහාසයේ අනතුරු බොහෝමයක් සිදු වූ Fort Detrick, අපරාධ සටහන් රැසක් ඇති පරීක්ෂණාගාරයකි.
එහෙත් බාහිර ලෝකයෙන් නැගූ සැකයට මුහුණ දුන් ඇමරිකා රජය ‘ජාතික ආරක්ෂාව’ හේතු කොට ගෙන Fort Detrickහි තොරතුරු ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කළේය.
මෙබඳු කූට ප්‍රකාශයකින් එපමණ විශාල ප්‍රශ්නාර්ථයක් තුරන් කළ හැකි ද යන්න ලෝ වැසියන්ගේ තවත් ප්‍රශ්නයක් වී තිබේ. වූහාන් පරීක්ෂණාගාරය පරීක්ෂණය පිළි ගෙන ඇතත්, Fort Detrick පරීක්ෂණාගාරය පරීක්ෂා කළ නොහැක්කේ ඇයිද යන්න එම පැනයයි.