ෂී ජින්පිං මහතාගේ ටිබෙට්යේ සංචාරය ජන හදවත් උණුසුම් කරවන චාරිකාවක්
2021-07-24 19:10:50
Share with:

ෂී ජින්පිං මහතාගේ ටිබෙට්යේ සංචාරය ජන හදවත් උණුසුම් කරවන චාරිකාවක්_fororder_微信图片_20210724190353

දශකයකට පසු චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා  ලෝක පියස්ස ලෙස විරුදාවලි ලබා ඇති ටිබෙට් ස්වායත්තයට යළිත් පැමිණයා. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයෙන් අනතුරුව ෂී ජින්පිං මහතා චීන මහ ගොඩබිමේ සියළු පළාත්වලට පැමිණ සංචාරය කර තිබීම, මෙවර ටිබෙට්හි සංචාරයෙන් සනිටුවන් වෙනවා.

ෂී ජින්පිං මහතාගේ මෙවර ටිබෙට්යේ සංචාරය ඇරඹුණේ ජූලි මස 21 වැනිදායි. ලින්චී නගරය ජනාධිපතිවරයා ගේ පළමු ගමනාන්තය වුණා. එහිදී හෙතෙම බොහෝ වතාවක්, ජනතාවට ප්‍රමුඛතාව ලබා දීම පිළිබඳ සංකල්පය අවධාරණය කර තිබෙනවා.

ෂී ජින්පිං මහතාගේ ටිබෙට්යේ සංචාරය ජන හදවත් උණුසුම් කරවන චාරිකාවක්_fororder_微信图片_20210724190331

ඡිංහයි ටිබෙට් සානුවේ ජීවත් වන විවිධ ජන වාර්ගික වැසියන් දිගු කාලයක් පුරා මහා සොබාදහම සමග සුසංගත ලෙස සහපැවැත්මෙන් සිටිනවා. එම තත්ත්වය රකිමින් ‍ප්‍රාදේශීය ලක්ෂණ ඉස්මතු කොට ගෙන අඛණ්ඩව සංවර්ධනය කළ හැකි ආකල්පය අනුගමනය කළ යුතු යැයි ෂී ජින්පිං මහතා පැවසුවා.

ලින්චී නගරයේ මධ්‍යම උද්‍යානය නිරීක්ෂණය කරමින් ෂී ජින්පිං මහතා පැහැදිලිව පෙන්වා දුන්නේ නාගරික කටයුතුවල කේන්ද්‍රය පුරවැසියන් බවයි. නාගරික රජයන්ගේ වැඩ කටයුතු ඇගයීමේදී පුරවැසියන්ගේ තෘප්තිමත්භාවය හා ජීවිතය පහසු අපහසු තත්ත්වය එහි වැදගත් ප්‍රමිති ලෙස ගත යුතු බව ද ඔහු කියා සිටිනවා.

ෂී ජින්පිං මහතාගේ ටිබෙට්යේ සංචාරය ජන හදවත් උණුසුම් කරවන චාරිකාවක්_fororder_微信图片_20210724190346

ටිබෙට්යේ සංචාරය තුළදී චීන ජනාධිපතිවරයා තවත් විශේෂයෙන් කාරණා තුනක් අවධාරණය කළා. ඒවා, ‘යුතුකම් තුනක්’ ලෙස සම්පින්ඩනය කළ හැකියි. එනම්, සියළුම සංවර්ධන උපායයන්, ජාතික සමගියට වැදගත්කම එකතු කළ යුතු ලෙස සිදු කළ යුතුයි.  සියළුම සංවර්ධන උපායයන් ජන ජීවිතය යහපත් කරලීමටත් ජන හදවත සමගි වීමටත් වැදගත්කමක් එකතු කළ යුතු ලෙස සිදු කළ යුතුයි. සියළුම සංවර්ධන උපායයන්, විවිධ ජන වාර්ගික ජනතාව‍ගේ සුරක්ෂිත දැනීම හා සතුටුදායික ජීවිතයට ඉහවල් විය යුතු ලෙස සිදු කළ යුතුයි.

ෂී ජින්පිං මහතාගේ ටිබෙට්යේ සංචාරය ජන හදවත් උණුසුම් කරවන චාරිකාවක්_fororder_微信图片_20210724190339

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන