හනාන් පළාතේ ගංවතුර පාලනය කිරීම හා සහනාධාර දීම වෙනුවෙන් චීන මුදල් අමාත්‍යංශෙයන් යුවාන් දස කෝටියක හදිසි ප්‍රතිපාදනයක්
2021-07-22 11:22:34
Share with:

හනාන් පළාතේ ගංවතුර පාලනය කිරීම හා සහනාධාර දීම වෙනුවෙන් චීන මුදල් අමාත්‍යංශෙයන් යුවාන් දස කෝටියක හදිසි ප්‍රතිපාදනයක්_fororder_ec5a7a441466b3b215bd7a7cb070c692

හනාන් පළාතේ ගංවතුර පාලනය කිරීම හා සහනාධාර දීම වෙනුවෙන් චීන මුදල් අමාත්‍යංශය ‍චීන යුවාන් දස කෝටියක හදිසි මුදල් ප්‍රතිපාදනයක් වෙන් කරයි.

චීන මුදල් අමාත්‍යංශය ඊයේ(21) එම ආපදා සහනාධාර මුදල වෙන් කළේය. ඒ අතරින් ස්වභාවික ආපදාව පිළිබඳ මධ්‍යම රජයේ සහනාධාර මුදල් චීන යුවාන් මිලියන 60ක්, විපතට පත් ප්‍රදේශවල හදිසි මුදා ගැනීමේ සේවා හා විපතට පත් වූවන් බේරා ගැනීම වෙනුවෙන් යොදවනු ලබයි. කෘෂිකාර්මික නිෂ්පාදනය හා වාරිමාර්ග පිළිබඳ මධ්‍යම රජයේ චීන යුවාන් මිලියන 40ක සහනාධාර මුදල්, විපතෙන් පසු කෘෂිකාර්මික නිෂ්පාදනය යළි ආරම්භ කිරීම හා විනාශ වන වාරිමාර්ග ව්‍යාපෘති අලුත්වැඩියා කිරීම වෙනුවෙන් යොදවනු ලබයි.

හනාන් පළාත් ආණ්ඩුව ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සහතික කිරීමට ප්‍රමුඛස්ථානය දිය යුතු ය. අදාළ මුදල් කළමනාකරණ රෙගුලාසියට අනුව මධ්‍යම රජයේ සහනාධාර මුදල් යහපත් ලෙස යෙදවීමෙන් ප්‍රතිලාභ ඉහළ යන බව චීන මුදල් අමාත්‍යංශය පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන