කොරොනා මූලාශ්‍රය සොයා ගැනීම සම්බන්ධයෙන් චීනය අපකීර්තියට පත් කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයෙන් ඇමරිකාවට චෝදනා
2021-07-22 10:55:49
Share with:

නව කොරොනා වෛරසයේ මූලාශ්‍රය සොයා ගැනීම සම්බන්ධයෙන් චීනයට යක්ෂයෙකුගේ රූපයක් ආදේශ කර අපකීර්තියට පත් කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය ඇමරිකාවට චෝදනා කරයි.

මෑතකදී, ඇතැම් ඇමරිකානු නිලධාරීහු සහ මාධ්‍යවේදීහු “Wu Han වෛරස් පර්යේෂණ ආයතනයේ පුද්ගලයින් තුන් දෙනෙකු 2019 වසරේ නොවැම්බර් මාසයේ ආසාදනයට ලක් වී ඇත” යනුවෙන් පවසමින්, එය රසායනාගාර වලින් විමෝචනය වීමේ විශ්වසනීයත්වය වැඩි කළ බව කියා සිටිති. මෙයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ඇමරිකාවට කිසිසේත් සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි බවයි. එය සත්‍ය නොවන අතර මූලාශ්‍රය සොයා ගැනීම සම්බන්ධයෙන් චීනයට යක්ෂයෙකුගේ රූපයක් ආදේශ කරමින් අපකීර්තියට පත් කිරීමකි.

මාධ්‍ය හමුවේදී Zhao Lijian මහතා ඇමරිකාවට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය.

වාර්තාවලට අනුව, ඇමරිකානු ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, ඇමරිකාවේ ප්‍රාන්ත පහක නව කොරොනා වෛරස් ආසාදනය පිළිබඳ සාක්ෂි 2019 වසරේ දෙසැම්බර් මාසයේදී හමුවී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?

වාර්තාවලට අනුව, New Jersey ප්‍රාන්තයේ Belleville හි නගරාධිපතිවරයාට 2019 වසරේ නොවැම්බරයේදී නව කොරොනා වෛරසය ආසාදනය වී ඇත. ඒ සිද්ධිය ඇමරිකාව පැහැදිලි කරන්නේ කෙසේ ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය Fort Detrick රසායනාගාරය සහ විදේශයන්හි පිහිටි 200කට අධික ඇමරිකානු ජීව විද්‍යාගාර විමර්ශනය කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් සඳහන් කළ විට, ඇමරිකාව නිහඬව සිටියි. Fort Detrick රසායනාගාරයේ ජනතාවට පෙන්විය නොහැකි දේවල් තිබේ දැයි Zhao Lijian මහතා අවසානයේ ඇමරිකාවෙන් ප්‍රශ්න කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන