ඇමරිකාවේ මුස්ලිම් විරෝධය අද ඊයේ ඇතිවූවක් නොවේ
2021-07-22 19:51:02
Share with:

ඇමරිකාවේ මුස්ලිම් විරෝධය අද ඊයේ ඇතිවූවක් නොවේ_fororder_src=http___cdn6.img.sputniknews.cn_images_102320_96_1023209695&refer=http___cdn6.img.sputniknews

ඉස්ලාමීය ශිෂ්ටාචාරය  ඇමරිකාවේ ප්‍රතික්ෂේපයට ලක්වීම සිදු වූයේ අද ඊයේ නොවේ.

ඇමරිකාව තුළ වෙසෙන මුස්ලිම් කණ්ඩායම් සැම විටම කුඩා ජනගහනයක් වන අතර අඩුවෙන් දේශපාලනයට සම්බන්ධ‍ වෙති. "9·11" සිද්ධිය ඇමරිකානු මුස්ලිම්වරුන්ගේ දෛවය තවත් නරක අතට හැරවූ සිද්ධියක් ලෙස හැඳින්විය හැකිය. එතැන් සිට, ඇමරිකානු මුස්ලිම් කණ්ඩායම් ඇතැම් ඇමරිකා දේශපාලනඥයින්, මාධ්‍ය සහ මහජන මතය විසින් "රටේ සතුරන්" ලෙසට හංවඩු ගසා ඇත. එම කණ්ඩායම "ජාතික ආරක්ෂාව" සහ "දේශීය ත්‍රස්තවාදය" වැනි කාරණා සමඟ බෙහෙවින් සම්බන්ධ වී ඇත.

ඇමරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ, වෙනස් කොට සැලකීම මතු කරන “මුස්ලිම් තහනම” ප්‍රතිපත්තියක් නිකුත් කෙරිණ. මුස්ලිම්වරුන්ට එරෙහිව සංචාරක තහනමක් නිකුත් කළ ලෝකයේ එකම රට බවට ඇමරිකාව පත් විය. ඉන් ඇමරිකානු මුස්ලිම්වරුන්ට වඩාත් හුදෙකලා බවක් දැනේ. අන්ත දක්ෂිනාංෂික සංවිධානවලට සහ මුස්ලිම් විරෝධී කණ්ඩායම්වලට  විවිධ වෛරී ක්‍රියාවන් සිදු කිරීමට අවස්ථා ලබා දී ඇත. එය ඇමරිකානු සමාජයේ ජනවාර්ගික ගැටුම් උත්සන්න වීමට හේතුවිය.

2016 වසරේ සිට, ඇමරිකානු මුස්ලිම්වරුන් නිරන්තරයෙන් නව නාසිවාදීන් හා K.K.K. පක්ෂය ඇතුළු කණ්ඩායම්වල අපහාසයට ලක්ව ඇත. වයස අවුරුදු 30 ට අඩු තරුණ මුස්ලිම්වරුන්ගෙන් 20% කට වඩා වැඩි පිරිසක් අවශ්‍ය අවස්ථාවක ඇමරිකාව හැරදමා යාමට අදහස් කරන බව සමීක්ෂණයක් පෙන්වා දෙයි.

“ෆ්ලොයිඩ්ගේ මරණය”,“Black Lives Matter ව්‍යාපාරය” සහ මෑතකදී ඇමරිකාවේ උග්‍ර වෙමින් පවතින ආසියානු විරෝධී ප්‍රවණතා, සියල්ල ම පෙන්වා දෙන්නේ සත්‍යයකි. එනම් මුස්ලිම්වරුන්ට වෛර කිරීම ඇතුළු ඇමරිකාව තුළ පවතින වර්ගවාදය පද්ධතිමය, අඛණ්ඩ හා විනාශකාරී බවය. ඇමරිකාව මූලික හේතූන් පිළිබඳව මෙනෙහි නොකළහොත්, සුළු ජාතීන්‍ට ඉන් හානි සිදුවනවා පමණක් නොව, එය සුදු ජාතිකයින්ට එරෙහිව බරපතල පසුබෑමක් ද වනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන