ඔලිම්පික් ආදර්ශ පාඨයට“එකමුතුව”යන වාක්‍යය එකතු කිරීමේ විශේෂ අර්ථයක්
2021-07-22 12:14:32
Share with:

ඔලිම්පික් ආදර්ශ පාඨයට“එකමුතුව”යන වාක්‍යය එකතු කිරීමේ විශේෂ අර්ථයක්_fororder_beb54574737145559f01c5bad60cc701

32 වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී හෙට(23)ආරම්භ වනු ඇත. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වඩාත්ම සිත් ඇදගන්නා සිදුවීම නම්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 138 වන පූර්ණ සැසිවාරය විසින් “වඩා වේගවත්, වඩා ඉහළ සහ වඩා ශක්තිමත්”යන ඔලිම්පික් ආදර්ශ පාඨයෙන් පසුව “එකමුතුව”යන වාක්‍යය ද ඊට එකතු කිරීමට තීරණය කර තිබීමයි.

1894 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිහිටවූ විට “වඩා වේගවත්, වඩා ඉහළ සහ වඩා ශක්තිමත්”යන ඔලිම්පික් ආදර්ශ පාඨය  ඉදිරිපත් කළේය. වසර සියයකට පසුව මෙම ආදර්ශ පාඨයට "වඩා සමගි සම්පන්න" යන්න එකතු කරනු ලැබේ. එය නිසැකවම ඔලිම්පික් ජීවගුණයට නව අර්ථයන් ඇතුල් කරමින් ගෝලීය ජනතාවගේ පොදු අභිලාෂයන් පිළිබිඹු කරයි. විවිධ අභියෝග ජය ගැනීම සඳහා ලෝකයේ පොදු උත්සාහයන්ට එය ඉතා වැදගත් වේ.

වත්මන් නව කොරොනා වසංගතය ලොව පුරා පැතිර යමින් පවතින අතර ගෝලීය ආර්ථික ප්‍රකෘතිය වඩාත් දුර්වල මට්ටමක පවතී. මානවයා විශිෂ්ටත්වය, මිත්‍රත්වය, ගෞරවය සහ එකමුතුකම යන ඔලිම්පික් ජීවගුණය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ලෝකයට සදාකාලික පොදු සමෘද්ධියක් ලබා ගත හැක්කේ “අප වෙන් කළ නොහැකි ප්‍රජාවක්”යන්න සියලු රටවල් අවබෝධ කර ගැනීමෙන් පමණි. නව ඔලිම්පික් ආදර්ශ පාඨයේ මූලික වටිනාකම මෙයයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන