එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලොව පුරා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දක්වයි
2021-07-22 10:55:30
Share with:

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලොව පුරා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දක්වයි_fororder_1626904556740_183_2270x1610

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ (21) වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය. ලොව පුරා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වූ ඔහු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක රට වන ජපානයට සිය කෘතඥතාව පළ කර තිබේ.

ඔලිම්පික් ජීවගුණයෙන් මානව වර්ගයාගේ එකමුතුකම,කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, දක්ෂතා සහ ඉවසීම පිළිබිඹු වන බව ඔහු පෙන්වා දුන්නේය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල අර්බුදකාරී වකවානු වලදී ලොව පුරා සිටින ජනයා එක්රැස් කොට දිරිගන්වා තිබේ. කොවිඩ් 19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් සමස්ත ලෝකය වැලපෙන බව ඔහු පැවසීය. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන සෑම ක්‍රීඩකයෙක්ම විශාල බාධක ජයගෙන සිය අධිෂ්ඨානය පෙන්නුම් කර තිබේ. මෙවැනි ජීවගුණයක් ගෝලීය අභියෝග හමුවට ගෙන එන්නේ නම් අපට කිසිදු අවාසියක් සිදු නොවන බව António Guterres මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන