මේ වසරේ චීන ආර්ථික වර්ධන අනුපාතය 8.1% වනු ඇති බවට අණාවැකි
2021-07-21 15:12:01
Share with:

මේ වසරේ චීන ආර්ථික වර්ධන අනුපාතය 8.1% වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

ආසියා සංවර්ධන බැංකුව ඊයේ (20) “ 2021 වසරේ ආසියා සංවර්ධනයේ ඉදිරි දැක්ම”පිළිබඳ අතිරේක වාර්තාව නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ. කාර්මික නිෂ්පාදනය, අපනයනය සහ සේවා වෙ‍ළඳාම යනාදි සාධක හේතුවෙන් චීන ආර්ථිකය අඛණ්ඩ ව සීග්‍රයෙන් වර්ධනය වනු ඇත. 2022 වසරේ චීන ආර්ථිකය 5.5%කින් වර්ධනය වනු ඇති බව ද එම වාර්තාව ඇස්තමේන්තු කර ඇත.

මේ වසරේ ‍කොරොනා වසංගතය ආසියා කලාපය මුහුණ දී සිටින විශාලතම අභියෝගය වුව ද ආසියා-ෆැසිපික් කලාපයේ සංවර්ධනය ‍වෙමින් පවතින ආර්ථිකයන් ප්‍රකෘතියට පත් වනු ඇතැයි එම වාර්තාව පවසයි. එම ආර්ථිකයන්හි ආර්ථික වර්ධන අනුපාතය 7.2% දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන