දේශගුණ විපර්යාසයට මුහුණ දීමේදී චීනය හා ඇමරිකාවට පොදු වගකීමෙන් ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
2021-07-21 18:32:32
Share with:

දේශගුණ විපර්යාසයට මුහුණ දීමේදී චීනය හා ඇමරිකාවට පොදු වගකීම් තිබෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා අද (21) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වන චීනයට හා  ලෝකයේ විශාලතම සංවර්ධිත රට වන ඇමරිකාවට දේශගුණ විපර්යාසයට මුහුණ දීමේදී පොදු වගකීම් තිබේ.රටවල් දෙක වැඩිපුර අදහස් හුවමාරු කර ගනිමින් සහයෝගිතා පවත්වා ජගත් ප්‍රජාවට ආදර්ශවත් කාර්යභාරයන් ඉටු කළ යුතු බව ද හෙතෙම එහිදී පැවසීය. දේශගුණ විපර්යාස ක්ෂේත්‍රයේ සහයෝගිතා පවත්වන ලෙස ඇමරිකානු දේශගුණ ප්‍රශ්න පිළිබඳ විශේෂ නියෝජිතයා චීනයෙන් හා ඇමරිකාවෙන් ඉල්ලීමක් කළ බව වාර්තා විය.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිරිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශයා මෙලෙස අදහස් දැක්වීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන