පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරාගත හැකි වන පරිදි ඉන්දියාවෙන් පාවෙන සූර්ය විදුලි බලාගාරයක්
2021-07-21 17:20:53
Share with:

ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. 

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත එම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තය.

මේ වනවිට එහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදුකෙරෙමින් පවතින බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දියවන්නාවේ පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉතාමත් කඩිනමින් සිදුකර, පාවෙන සූර්ය විදුලිබලාගාර සංකල්පය පිළිබඳව පාර්ලිමේන්තුවෙන්  සමස්ත රටට ම පූර්වාදර්ශයක් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන