මහජන ගුවන් සේවාව මහ ජනතාව සඳහා
2021-07-13 14:56:58
Share with:

මහජන ගුවන් සේවාව මහ ජනතාව සඳහා_fororder_src=http___pic2.zhimg.com_v2-ec3c5a247a0f2441e6061bc956f7883d_r&refer=http___pic2.zhimg

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව පසුගිය 6 වන දින දෙස්-විදෙස් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. සීමා සහිත ස් චුවාන් ගුවන් සේවා සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන නියමුවා වන ලියු චුවාන් ජියන් මහතා සහ චීනයේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් සිව් දෙනෙක් එම හමුවේදී "ජනතාවගේ සතුටුදායක ගුවන් ගමන්" පිළිබඳව සිය අත්දැකීම් සහ අදහස් බෙදා හදා ගත්තා.

වසර 2018 මැයි 14 වන දින චොංචිං නගරයේ සිට ලාසා නගරය වෙත පියාසර කරමින් සිටි 3U8633 ගුවන් යානාව සිය ගුවන් ගමන අතරතුරදී, නියමු කුටියේ දකුණු අසුනේ ඉදිරිපස සුළං කවුළුව හදිසියේම පුපුරා ගොස් කඩා වැටුණා. එමගින් සිදු වූ කුටියේ පීඩනය නැතිවීම, ඔක්සිජන් හිඟ වීම සහ ඇතැම් උපකරණ වැඩ නොකිරීම වැනි සංකීර්ණ තත්වයන්ට මුහුණ දෙමින්, ලියු චුවාන් ජියන් මහතාගේ නායකත්වය යටතේ යානයේ සිටි කාර්ය මණ්ඩලය, එම ගුවන් යානය සම්පූර්ණයෙන්ම අතින් පාලනය කිරීම මගින් සානුවේ කඳුකර ප්‍රදේශයට ඉහළින් පියාසර කර අවසානයේ චෙංඩු නගරයට ආරක්ෂිත ගොඩබෑමක් සිදු කළා. එහි මගීන් 119 දෙනෙකු සහ සමස්ත කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකුගේ ජීවිත සහතික වී තිබෙනවා. ගුවන් ඉතිහාසයේ ආශ්චර්යයක් ඉන් නිර්මාණය කිරීමට ලැබුණා.

“මහජන ගුවන් සේවාව මහ ජනතාව සඳහා දායක වෙනවා”. එබැවින් අප්‍රමාණ චීන සිවිල් ගුවන් සේවක-සේවිකාවන් මහ ජනතාව කේන්ද්‍ර  කර ගෙන සිය අභිලාෂයන් සැබෑ ලෙසම  ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන