චීන ජනාධිපතිවරයා චීන කොමිනියුස්ට් පක්ෂය හා ලෝක දේශපාලන පක්ෂ අතර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරයි
2021-07-06 21:33:50
Share with:

图片默认标题

සියලු රටවල දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටින්නේ මඟ පෙන්වීමේ වගකීම භාර ගනිමින්, ජනතාවගේ හඳට සවන් දෙමින්, යුගයේ ප්‍රවණතාවයට අනුකූලව මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම කරා ගමන් කරන ලෙස ෂී ජින් පිං මහතා විවිධ රටවල පක්ෂවලින් ඉල්ලා සිටී . විවිධ රටවල දේශපාලන පක්ෂ මානවයාගේ පොදු වටිනාකම්හී දැඩි ලෙස එල්බ සිටිමින් එය පුළුල් අන්දමින් ප්‍රචලිත කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඉල්ලීමක් කරයි.සාමය, සංවර්ධනය, සාධාරණ බව, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස යන සමස්ත මානවයාගේ පොදු වටිනාකම් විවිධ රටවල ජනතාව හඹා යන බව හෙතෙම කියා සිටී. දේශපාලන පක්ෂ එම වටිනාකම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන්නෙක් විය යුතු ය. වෙනස් රටවල ජනතාව එවන් වටිනාකම සාක්ෂාත් කිරීමට මාර්ග සොයා ගැනීම අගය කළ යුතු ය. එවැනි වටිනාකම්, සිය මහජනතාවගේ ප්‍රතිලාභ ඇති කර ගැනීම හා සම්බන්ධ කර ගත යුතු බව ද හෙතෙම පෙන්වා දී තිබේ.     රටවල් කිහිපයක් සතු පේටන්ට් බලපත්‍රවලට වඩා සංවර්ධනය ලෝකයේ සියලුම රටවල අයිතිය බව ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. දේශපාලන පක්ෂ විසින් සියලු රටවල් අතර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සියලු රටවල ජනතාව අතර සංවර්ධනයේ ප්‍රතිඵල බෙදා ගැනීම ප්‍රවර්ධනය කළ යුතු අතර ඕනෑම පාර්ශවයකට එරෙහි තාක්‍ෂණික අවහිරතා, තාක්‍ෂණික පරතරය සහ සංවර්ධනය විසන්ධි කිරීමට දරන වෑයම්වලට ඒකාබද්ධව විරුද්ධ විය යුතුය.   සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වගකීම දේශපාලන පක්ෂ විසින් දැරිය යුතු අතර ගෝලීය අවදානම් සහ අභියෝගයන්ට මුහුණ දීම සඳහා එක්ව ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං  මහතා පෙන්වා දුන්නේ චීන කොමිනියුස්ට් පක්ෂය හා ලෝක දේශපාලන පක්ෂ අතර සමුළුවේ ප්‍රධාන දේශනය කරමිනි.   රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න තීරණය කළ යුත්තේ එම රටේ ජනතාව විසින් මිස කිහිප දෙනෙකු විසින් නොවන බවද  ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.  පාලනය වැඩිදියුණු කිරීමේ වගකීම දේශපාලන පක්ෂ විසින් දැරිය යුතු අතර ජනතාවට සතුට සෙවීමේ හැකියාව අඛණ්ඩව වැඩි දියුණු කළ යුතු බවද හෙතෙම කීය.චීනයේ කොමියුනිස්ට් පක්ෂය ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම සක්‍රියව ප්‍රවර්ධනය කරන අතර පොදු අභියෝගයන්ට මානව වර්ගයාගේ ඒකාබද්ධ ප්‍රතිචාරයට නව දායකත්වයක් ලබා දෙන බව ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ චීන ජනතාව චීන ලක්ෂණවලින් හෙබි සමාජවාදී මාවතක් ගවේෂණය කර තිබේ. මෙම මාවත නිවැරදි හා කළ හැකි දෙයක් පමණක් නොව, ස්ථාවර හා යහපත් මාවතක් බව ඉතිහාසයෙන් හා සත්‍යයෙන් සනාථ වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

දැවැන්ත රටක විශිෂ්ඨ පක්ෂයක වගකීම් අනුගමනය කරන චීන කොමියුනිස්ට් පක්ෂය මානවයන්ගේ සුභ සෙත වෙනුවෙන් නව දායකත්වයක් ලබා  දෙනු ඇති බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන