සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ඇඟලුම්)
2021-07-04 19:14:43
Share with:

රට තුළ සම්පූර්ණ ලෙස සුවපහසු සමාජයක් බිහි කර ඇති බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. සුවපහසු සමාජය යනු කොයි ආකාරයේ සමාජයක් ද? එය චීන සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය තුළින් සොයා ගත හැකියි.

වසර 1929 දී ඉපදුණු සීජූ මහත්මිය, චීනයේ ටිබෙට් ස්වායත්තයේ ලාසා නගරයේ නාලොන් ගම්මානයේ වැසියෙක්. කුඩා කාලයේ ඇගේ ජීවිතය කටුක වුණා. සීතල කාලයට අඳින්න ලැබුණේ සරල ඇඳුම් විතරයි. ‘එදා සීතල ආත්මයක් වගේ හැම දාම මගේ පිටුපස ඉන්නවා.’ කියා ඇය කීවා. දැන් ඇයට හොඳට ඇඳුම් ඇඳ ගෙන ඉන්න පුළුවන් විතරක් නෙවෙයි, ප්‍රමාණවත් හොඳ  ආහාර ලැබෙන සැලකිලි සහිත ජීවිතයක් ගත කරනවා.

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ඇඟලුම්)_fororder_ා ාා

සුවපහසු සමාජය ගොඩනැගීමත් සමගම ටිබෙට් හි ජනතාවගේ ජීවන මට්ටම කැපී පෙනෙන ලෙස වර්ධනය වුණා. ‘එක් ඇඳුමක්, අවුරුද්ද පුරාම’ වැනි තත්ත්වයක සිට අද ‘ඍතුවකට ඇඳුම් ගණනාවක්’ යන තත්ත්වයට පත්ව තිබෙනවා. මෑත වසරවල සාම්ප්‍රදායික ඇඳුම්වලින් කර්මාන්තයක් සංවර්ධනය කිරීමට ටිබෙට්හි ජනතාවට හැකි වී තිබෙනවා. එය එහි ගැමියන්ගේ හා එ‍ඬේරුන්ගේ ආදායම වැඩි කිරීමේ නව වැදගත් ක්‍රමයක් බවට පත් වී තිබෙනවා.

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ඇඟලුම්)_fororder_එරඑ

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන