සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ජන නිවාස)
2021-07-04 17:22:13
Share with:

රට තුළ සම්පූර්ණ ලෙස සුවපහසු සමාජයක් බිහි කර ඇති බව පසුගිය ජූලි මස පළමුදාට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර සැමරුම් උත්සවයේදී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්,ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළා. සුවපහසු සමාජය යනු කොයි ආකාරයේ ද? එය චීන සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය තුළින් සොයා ගත හැකි වනවා.

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ජන නිවාස)_fororder_1

හෙජ ජාතිය චීනයේ සුළු ජාතීන් 55 අතරින් එකක්. හෙජ ජනතාව පාරම්පරික ලෙස ප්‍රධාන වශයෙන් ජීවත් වෙන්නේ උතුරු චීනයේ Heilongjiang ගංගාව, Wusulijiang ගංගාව හා  Songhuajiang ගංගාව ආශ්‍රිත නිම්න ප්‍රදේශවලයි.වසර 70කට පෙර චීන මහජන සමූහණ්ඩුව ස්ථාපිත කෙරුණු මූල් යුගයේ එම ජාතියේ සමස්ත ජනගහණය 300ක් පමණයි.දැනට 5000කට වැඩි ජනගහණයක් එම ජාතියට හිමි වනවා. සාම්ප්‍රදායිකව මත්‍ස්‍යයින් අල්ලා ගැනී‍මේ සිට ධීවර කටයුතුවල මෙන්ම කෘෂිකර්මයේ ද නියැළී හිටි හෙජ ජනතාව දැනට සංචාරක කර්මාන්තය ප්‍රධාන කර්මාන්තයක් ලෙස එහි විවිධ කටයුතු වල නිරත වනවා. ඔවුන්ගේ ජීවිත දිනෙන් දින යහපත් වෙමින් පවතිනවා. ඒ සමගම ඔවුන්ගේ නිවාස විශාල වශයෙන් වෙනස් වුණා.  ගුහාවන් තුළ හෝ තණ කොළ වලින් හදපු නිවාසවල ජීවත්වූ හෙජ ජනතාව දැනට නවීන නිවාස ඉදිකර ගනිමින්  සැපවත් ජීවිත ගත කරනවා. ඔවුන්ගේ නිවාස වෙනස්කම් තුළින් සුවපහසු සමාජයේ සැබෑ ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකි වුණා.

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ජන නිවාස)_fororder_2

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන