දහස් ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කෙරුණු නුවර උතුරු ප්‍රදේශයේ ජල සැපයුම් ව්‍යාපෘතිය
2021-07-02 14:49:24
Share with:

දහස් ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කෙරුණු නුවර උතුරු ප්‍රදේශයේ ජල සැපයුම් ව්‍යාපෘතිය_fororder_9bf4b44e3fa48cc6dd3e7bea06807fd9

නව කොරොනා වසංගතය ශ්‍රී ලංකාවේ බොහෝ ඉදි කිරීම් ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වයට බලපා තිබෙනවා. එබැවින්, නුවර උතුරු ප්‍රදේශයේ ජල සැපයුම් ව්‍යාපෘතිය වසංගතයෙන් බාධා නොවී එම ප්‍රදේශයේ දහස් ගණනක් වෙනුවෙන් රැකියා අවස්ථා නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.‍‍‍

නුවර ජල සැපයුම් ව්‍යාපෘතියේ ඉදි කිරීම ආරම්භ වූයේ වසර 2019 සැප්තැම්බර් මාසයේ. PowerChina කණ්ඩායම විසින් එහි ඉදි කිරීම් කටයුතු භාර ගනු ලැබෙනවා. නුවර ජල සැපයුම් ව්‍යාපෘතිය මේ වන විට රටේ විශාලතම ආවරණය ඇති නාගරික ජල සැපයුම් ව්‍යාපෘතිය බවත් එමගින් ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ගේ ජල අවශ්‍යතාව සපුරාලීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එවක ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  ඉදි කිරීම් ආරම්භක උළෙල අමතමින් කියා සිටියා.

එම ව්‍යාපෘතිය ආරම්භ වී නොබෝ කළකට පසුව කොරොනා වසංගතය මතු වුණා. වසංගත පාලන කටයුතු මනා ලෙස සිදු කරමින් ගිවිසුමට අනුව ඉදි කිරීම් කටයුතුවල නිරත වීමට ව්‍යාපෘති අංශ වෑයම් කර තිබෙනවා. උතුරු නුවර ප්‍රදේශයේ පරිපාලන කලාප හයක් ආවරණය වන ව්‍යාපෘතියේ ඉදි කිරීම් පරාසය වර්ග කිලෝමීටර් 318ක්. ජල නල සැකසීම, ජල ටැංකි හා පොම්ප ඉදි කිරීම හා සවි කිරීම, යන්ත්‍රෝපකරණ සැකසීම, ජල පාලන කම්හල්, ජල පෙරන පද්ධතිය යනාදිය ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා.

දැනට ඉදි කිරීම් පරිශ්‍රයේ ලාංකික සේවකයින් 1300 දෙනෙක් පමණ සිටින අතර ඉදිරියේදී තවත් සිය ගණනක් සේවකයින් බඳවා ගනු ඇතැයි සඳහන් වෙනවා. වසංගතයෙන් එම ප්‍රදේශයට පැනවුණු රැකියා පීඩනය එමගින් තරමක් දුරට ලිහිල් විය හැකි බව පැහැදිලියි.

ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු නුවර ප්‍රදේශයේ හාර ලක්ෂ පනස් දහසක ජනගහනය වෙනුවෙන් පවිත්‍ර පානීය ජලය සපයා දිය හැකි අතර පොදු සමාජ පරිසරය යහපත් කරලීමට ද එය ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන