චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100වෙනි සංවත්සර උත්සවය පැවැත්වේ
2021-07-01 08:25:48
Share with:

图片默认标题_fororder_TIM图片20210701082240

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100වෙනි සංවත්සරය අද (1) බෙයිජිංහි ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී පැවැත්වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති, ජනාධිපති ෂී ජින් පිං මහතා එම උත්සවය අමතා වැදගත් දේශනයක් සිදු කළේය.

විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලන හා නිර්පක්ෂ නියෝජිතයෝ ඒකාබද්ධව සුබ පැතුම් පිරිනැමූ අතර චීන කොමිනියුස්ට් තරුණ ලීගය සහ යොවුන් ඉදිරි පෙළේ නියෝජිතයෝ සමූහයක් වශයෙන් සුබ පැතුම් පිරිනැමූහ. චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මෙන්ම 70 දහසකට වැඩි පිරිසක් සාංවත්සරික උත්සවයට එක්ව සිටිති.

1921 වසරේ ස්ථාපිත වූ කාලයේ 50කට වැඩි සාමාජිකයන් ගෙන් සමන්විත වූ චීන කොමියුනිසට් පක්ෂයේ අද වන විට මිලියන 95කට වැඩි සාමාජිකයෝ පිරිසක් සිටිති. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව‍යෙන් චීන ආර්ථික හා සමාජ සංවර්ධනය මෙන්ම ජන ජීවිතය ලොවට සුවිශේෂ අයුරෙන් දැවැන්ත පරිවර්තනයක් සිදු කර ඇත. ගෝලීය වශයෙන් දැවැන්ත බලපෑම් සහිත ලෝකයේ ප්‍රථම පාලක පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂයයි.

අංග සම්පූර්ණ සුවපහසු චීන සමාජයක් ගොඩ ගැනීමට හැකි වී ඇතැයි ෂී ජින් පිං මහතා එම උත්සවයේදී ගම්භීරව ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන ජනතාවගේ අඛණ්ඩ උත්සාහය යටතේ එවැනි ජයග්‍රහණයක් ලබා ගත් චීනය නවීන හා බලවත් සමාජවාදී රටක් අංග සම්පූර්ණයෙන් ගොඩනැගීමේ ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කරමින් සිටින බව හෙතෙම පැවසීය. චීන ජාතියේ, චීන ජනතාවගේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මහා ආශ්චර්ය මෙය බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

චීන ජනපති ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන ජාතිකයන්, නිදහස ලැබීමේ සිට, ධනවත් වීම හා බලවත් වීම දක්වා දීපතිමත් දියුණුවක් ලබා ඇති බවයි. චීන ජාතියේ දීපතිමත් පුනර්ජීවනය, ආපසු හැරවිය නොහැකි ඓතිහාසික ක්‍රියාවලියකට ඇතුළත් වී තිබේ.

ගෙවී ගිය වසර 100 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව එක්සත් කිරීමට ගත් සියලු උත්සාහ සමාන ඉලක්කයක් වෙනුවෙන් කළ මෙහෙවරකි. ඒ චීන ජාතියේ දීපතිමත් පුනර්ජීවනය ඉටු කිරීම සාක්ෂාත් කිරීම සඳහායි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සිදු කළ නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඒ සඳහා මූලික සමාජීය කොන්දේසි නිර්මාණය කළේ ය.

සමාජවාදී විප්ලවය හා සංවර්ධනය මගින්, මූලික දේශපාලන පරිශ්‍ර සහ පද්ධතිය සඳහා පදනම් සැකසිණ.

ප්‍රතිසංස්කරණය, විවෘතභාවය සහ සමාජවාදී නවීකරණ ගොඩනැගීම මගින්, නව ජීව ශක්තියන් පිරී ඇති පද්ධතිමය සහතිකය සහ වේගයෙන් වර්ධනය වන ද්‍රව්‍යාත්මක  ප්‍ර‍භවයන් සපයා තිබේ.

නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය, වඩාත් පූර්ණ පද්ධතිමය සහතිකය, වඩාත් බලවත් ද්‍රව්‍යමය පදනම සහ වඩාත් ක්‍රියාකාරී මානසික බලයක් නිර්මා‍ණය කර ඇති බව, ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය සිය ආවේණික ජීවගුණය අඛණ්ඩව රඳවා ගත යුතු බව ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගෙවී ගිය වසර 100 තුළ චීන කොමියුනිස්ට් පක්ෂය සිය ආවේණික ජීවගුණය ගොඩ නගමින් සුවිශේෂී දේශපාලන ගුණාංග හැඩ ගස්සවා ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය එය සදා උරුම කර ගත යුතු බව හෙතෙම උත්සවය අමතමින් පෙන්වා දුන්නේ ය. සත්‍යයේ එල්බ සිට පරමාදර්ශයට අනුගත වීම, මුල් අභිලාෂය පිළිපැදීම, මෙහෙවර භාර ගැනීම, දිවිපරිත්‍යාගයට බිය නොවී අරගල කිරීම, පක්ෂයට හා ජනතාවට පක්ෂපාතී වීම, චීන කොමියුනිස්ට් පක්ෂයට ආවේණික ජීවගුණය සහ පක්ෂයේ ආත්මීය උල්පත බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන