චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වන සංවත්සරය සැමරීම සඳහා ‘ශ්‍රේෂ්ඨ ගමනක්’ නම් සංස්කෘතික කලා සංදර්ශනයක් පැවැත්වේ.
එම සංදර්ශනය ඊයේ(28) රාත්‍රී බෙයිජිං නගරයේ පිහිටි චීන ජාතික ක්‍රීඩාංගනයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. ෂී ජින්පිං, ලී කච්‍යං, ලී චැන්ෂූ, වං යං, වං හූනිං, චාඕ ලචී, හන් චෙං, වං චීෂන් ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රාජයේ නායකයින්, දෙලක්ෂයක ජනතාව සමග එම සංදර්ශනය නැරඹූහ. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත වූ සියවස තුළ දීප්තිමත් ඉතිහාසය සිහිපත් කරමින් ශ්‍රේෂ්ඨ පක්ෂය විසින් චීන ජනතාව මෙහෙවා නව යුගයකට පිවිසීමේ නව ගමනක් ආරම්භ කිරීමට එමගින් සුභ පැතිණ.
මහා නාට්‍යාංග පරිච්ඡේද ආකෘතියකට අනුව ඉදිරිපත් කෙරුණු සංදර්ශනය බහු කලාත්මක ක්‍රමවලින්, ගෙවී ගිය සියවස තුළ චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව මෙහෙයවමින් විප්ලවය, සංවර්ධනය, ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දැවැන්ත මෙහෙවර නිරූපනය කර ඇත. විශේෂයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයෙන් අනතුරුව ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කොට ගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ, චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදය නව යුගයකට පිවිසෙමින් නවීකරණ සමාජවාදී රටක් පූර්ණ ලෙස ගොඩනැගීමේ නව ගමනක් ආරම්භ කිරීම, එමගින් වර්ණනා කර ඇත.