එක් තීරයක් එක් මාවතක් ආසියා-පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුවේ දී එකඟතා 6ක්
2021-06-24 19:13:34
Share with:

එක් තීරයක් එක් මාවතක් ආසියා-පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව ඊයේ(23) විඩියෝ ආධාරයෙන් පැවැත්විණ.

මෙම සමුළුවේ දී එකඟතා 6කට එළඹ ඇති අතර, ඒ ඒ පාර්ශ්වයන් වඩාත් සමීප හවුල්කාරීත්වයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා පැවසීය.

වඩාත් සමීප හවුල්කාරීත්වයක් ගොඩනැගීමෙන්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙ‍ළ සහ ඒ ඒ පාර්ශ්වික සංවර්ධන උපාය මාර්ග හා සැලසුම්  සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.

වසංගතය දැඩි ව පැතිරීම  වර්තමානයේ මුහුණ දෙන වඩාත්ම හදිසි අභියෝගයයි. ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් වී සහයෝගයෙන් කටයුතු කිරීමෙන් දුෂ්කරතා එක්ව ජය ගත යුතු ය.

එන්නත් ජාත්‍යන්තර සහයෝගතා තවදුරටත් ශක්තිමත් කරන අතර, එන්නත් ගෝලීය පොදු නිෂ්පාදනයක් ලෙස ලොව පුරා සමානව බෙදා හැරීම ප්‍රවර්ධනය කළ යුතු ය.

එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතාවල දී හරිත සංවර්ධනය ප්‍රමුඛ ස්ථානයේ තැබිය යුතු ය.

ඒ ඒ රටවල් වෙළඳ හා ආයෝජන ලිහිල්කරණය හා පහසුකරණය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට සහාය දිය යුතු ය.

එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන ඉලක්කය කඩිනමින් ක්‍රියාත්මක කරන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරන ලද බහුපාර්ශ්වවාදයට අනුබල දීම හා ක්‍රියාත්මක කළ යුතු ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන