ගෝලීය සාම සාධක මෙහෙයුම් හී පෙරමුණ ගෙන සිටින චීනය
2021-06-24 20:28:30
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (24) නිකුත් කළ "මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මහා පරිචය" ධවල පත්‍රිකාවට අනුව, චීන හමුදා භටයන් එක්සත් ජාතීන්ගේ සාම සාධන කාර්යයන්ට එක් වූයේ 1990 වසරේදී ය. මේ වන විට

සුඩානය, ලෙබනනය, කාම්බෝජය, ලිබියාව සහ වෙනත් රටවල් හා කලාපවලට සාම සාධක භටයන් 40,000 කට වැඩි ප්‍රමාණයක් යවා ඇති අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් 30 කට ආසන්න ප්‍රමාණයකට සහභාගී වී තිබේ.

වර්තමානයේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් අතර වැඩිම සාම සාධක භටයින් සංඛ්‍යාව සිටින රට වන්නේ චීනයයි. එමෙන් ම චීනය එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදල් සඳහා 2වන විශාලතම දායකයා ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන