චීනයේ ගගනගාමීන් තිදෙනා ආහාරයට ගන්නේ මොනවා ද?
2021-06-20 16:23:25
Share with:

පසුගිය 17වැනි දා, චීන ජාතිකයින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය‍ට ප්‍රථම වරට පිවිසීමත් සමග, ගගනගාමීන් තිදෙනා මාස 3ක් පුරා Tianhe ප්‍රධාන කුටියේ රැඳී සිටීම ආරම්භ කර තිබේ. ඔවුන් ආහාරයට ගන්නේ මොනවා දැයි කාගේත් අවධානයට ලක් වී තිබේ.

එම ප්‍රධාන කුටියේ, පෝෂ්‍යදායක මාංශ හා නිර්මාංශ ආහාර වර්ග 120කට වැඩි සංඛ්‍යාවක් ඇත. ප්‍රධාන ආහාර, චීනයේ සම්ප්‍රදායික හා විදේශීය ව්‍යංජන, අතුරුපස, යෝගට්, පළතුරු යනාදිය සරුසාර ලෙස සපයා ඇත.

ඔවුන්ගේ ආහාර වට්ටෝරුව ඉතා ප්‍රසන්න නොවේ ද? ඉතා දැවැන්ත මෙහෙයුම් ද ඔවුන් සාක්ෂාත් කළ යුතු ය. Nei Haisheng, Liu Boming සහ Tang Hongbo නමැති ගගනගාමීන් තිදෙනාට මෙහෙයුම් අවසන් කර සාර්ථක ව ගොඩබිමට ආපසු පැමිණීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන