චීනය නවීන තාක්ෂණය සමගින් වේගයෙන් ඉදිරියට - නව නිපැයුම් විශේෂඥ බිමන් ලියනගේ
2021-06-02 15:42:20
Share with:

චීනය නවීන තාක්ෂණය සමගින් වේගයෙන් ඉදිරියට - නව නිපැයුම් විශේෂඥ බිමන් ලියනගේ_fororder_Biman

චීනය නවීන තාක්ෂණය සමගින් වේගයෙන් ඉදිරියට යමින් පවතින බව නව නිපැයුම් විශේෂඥයෙකු වන බිමන් ලියනගේ මහතා පවසයි. නවීන මෘදුකාංග හරහා ජන ජීවිතය පහසු කරවන තාක්ෂණය චීනය සතුවන බව හෙතෙම කියා සිටී. විශේෂයෙන්ම විවිධ ක්ෂේත්‍රවල කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම චීනයේ කැපී පෙනේ. ඊට විද්‍යඥයන්, ඉංජිනේරුවරුන් හා විශ්ව විද්‍යාල සඳහා චීනය සහාය ලබා දෙමින් සිටින බවද බිමන් ලියනගේ මහතා කියා සිටී. මෙම කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සුහුරු නගර හා සුහුරු කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට චීනයට හැකිව තිබේ. එම නවීන තාක්ෂණය හරහා නගරයක හෝ කර්මාන්තශාලාවක කාර්යක්ෂමතාව වැඩි කිරීමට චීනයට හැකිව ඇතැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති