ලෝක ආර්ථීක සංවර්ධන අපේක්ෂාව ඉහළ දැමේ
2021-05-12 15:35:14
Share with:

ලෝක ආර්ථීක සංවර්ධන අපේක්ෂාව ඉහළ දැමේ_fororder_src=http___jgz.app.todayguizhou.com_data_upload_image_20210512_20210512134114_22035.png&refer=http___jgz.app.todayguizhou

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආර්ථීක සංවර්ධන අපේක්ෂාව ඉහළ දමයි.

2021 වසර ලෝක ආර්ථීක තත්ත්වය හා ඉදිරි දැක්ම පිළිබඳ නවතම මධ්‍ය කාලීන වාර්තාව නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධාන ආර්ථීක හා සමාජ කටයුතු පිළිබඳ කාර්යාලය ඊයේ(11) මේ බව ප්‍රකාශ කළේය.ලෝක විශාලතම ආර්ථීක ඒකක දෙක වන ඇමරිකාව හා චීනයේ පවතින ශක්තිමත් ආර්ථීක පුනරුත්ථාපනය සලකා, මේ වසරේ ලෝක ආර්ථීක සංවර්ධන වේගය සියයට 5.4ක් වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් කෙරේ.මේ වසරේ මුල් කාලයේ තාක්සේරු කළ අපේක්ෂිත වර්ධනය සියයට 4.7කි.

එමෙන්ම එම වාර්තාවට අනුව,මේ වසරේ චීන ආර්ථීක වර්ධන වේගය මේ වසරේ මුල් කාලයේ නිකුත් කළ සියයට 7.2නේ සිට සියයට 8.2කට දක්වා ඉහළ නංවා ඇත.ඇමරිකා ආර්ථීක වර්ධන වේගය සියයට 3.4කින් සිට 6.2කට දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉහළ දමා ඇත. 

එම වර්තාවේ ප්‍රධාන සම්පාධකයා මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කළේ නව කොරොනා වසංගත තත්ත්වය පැහැදිලි නොවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආර්ථීක පුනරුත්ථාපනය කෙරෙහි අවිනිශ්චිත ශුභවාදී සංකල්පයක සිටින බවයි.  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන