හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්
2021-05-12 19:33:29
Share with:

‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය’ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

කැබිනට් ඇමැතිවරුන් 05 දෙනකු, ආණ්ඩුකාරවරියක, රාජ්‍ය ඇමැතිවරුන් 14 දෙනකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ඇතුළු සාමාජිකයන් 46 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම බළකායට පත් කර ඇත.

රටින් පිටට ගලා යන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම, නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ එහි ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර ගැනීම පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීම ඇතුළු පරිසර හිතකාමී කරුණු රැසක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කර තිබෙන අතර පරිසරය සුරැකීම වෙනුවෙන් තවත් කරුණු 24ක් කෙරෙහි විශේෂ අවධානයෙන් ක්‍රියා කිරීම කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීමකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන