චීන ශ්‍රී ලංකා ‍බෞද්ධ හුවමාරුවේ තවත් ඓතිහාසික සංදිස්ථානයක්
2021-05-10 11:21:20
Share with:

චීන ශ්‍රී ලංකා ‍බෞද්ධ හුවමාරුවේ  තවත් ඓතිහාසික සංදිස්ථානයක්_fororder_151b1475a3e74db30a54fe55f0cb22cd

ලෝකයේ දන්ත ධාතූන් වහන්සේ දෙනමක් වැඩ සිටිනවා. චීනය හා ශ්‍රී ලංකාව අතර දෛවෝපගත මිතුදම අහම්බයක්ම නෙමෙයි කියන්න කදිම ජීවමාන සාක්ෂියක් ව‍‍ගේ, ශ්‍රී ලංකාවේ දළදා මාලිගයේ හා චීනයේ ලිංගුවාන් විහාරයේ දන්ත ධාතූන් වහන්සේ දෙනම වෙන් වෙන්ව වැඩ සිටිනවා.

ශ්‍රී ලංකාව හා චීනය යන දෙරටේ බෞද්ධ හුවමාරු ආරම්භ වූයේ ෆාහියන් භික්ෂූන් වහන්සේ  වසර 409-411 ලංකාවේ සිදු කළ බෞද්ධ අධ්‍යයන සංචාරයටත් පෙර කාල වකවානුවකයි. ඒ වසර 406යේදී ලක්දිව එවක රජවරු රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ධම්ම නම් වූ බෞද්ධ හිමි නමක් චීනයට යැවීමත් සමග. එම හිමි නම චීන අධිරාජ්‍යයාට ජේඩ්වලින් සෑදූ අලංකාර බුද්ධ ප්‍රතිමාවක් තෑගි කළ බව ඉතිහාසයේ සඳහන්‍ වෙනවා. මෙය චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්ව සම්බන්ධතාවන්හි එක් ප්‍රබලතම සාක්ෂියක්.

එතැන් සිට චීනය හා ලංකාව අතර සම්බන්ධකම, නිරන්තර බෞද්ධ හුවමාරු තුළින් තහවුරු වී තිබුණා. මෑතකදී ශ්‍රී ලංකාව චීනයේ ‍බෞද්ධ ක්ෂේත්‍රය සමග සම්බන්ධකම පුළුල් කිරීමට තවත් වැදගත් තීරණයක් ගත්තා. ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය අනුමත කළ එම තීරණයට අනුව චීන බුදු දහමේ උපන් ස්ථානය වන සුදු අශ්ව විහාරයේ ශ්‍රී ලංකා ශෛලියෙන් යුත් පන්සලක් ඉදි කිරීමට දෙරට එක්ව කටයුතු කිරීමට සූදානම් වෙනවා. චීන‍ පාර්ශ්වයේ පූර්ණ වියදම් දැරීම මෙන් ශ්‍රී ලංකා බුද්ධ ශාසන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ අදාළ ව්‍යාපෘතිය සිදු කෙරෙනවා. එය ඉදි කර අවසන් වීමෙන් පසු ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලාට සුදු අශ්ව විහාරයේ එම ශ්‍රී ලංකා පන්සල‍ට වැඩම කර අධ්‍යයන කටයුතු හා අදහස් හුවමාරු සිදු කළ හැකි වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේ වුවද වර්තමාන ලෝකයේ ආර්ථික වෙළඳ හා වාණිජ සහයෝගතාවන්ට අමතරව, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවල හුවමාරු ද අතිශයෙන් වැදගත්. විවිධත්වය ඇති, අදහස් හුවමාරු ඇති ලෝකය සුන්දරයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන