ජෛව විවිධත්ව මහජන සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ව්‍යවසායන් සක්‍රීයව සහභාගී වේ
2021-04-30 15:38:40
Share with:

ජෛව විවිධත්ව මහජන සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ව්‍යවසායන් සක්‍රීයව සහභාගී වේ_fororder_Turtle-conservation-project1

ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය  මුහුදු ප‍්‍රදේශයේ විනාශයට පත්වී තිබෙන පාරිසරික පද්ධතිය යථා තත්ත්වයට පත්කරමින් පරිසරය රැකගැනීමේ සංස්කෘතියක් වෙත එහි ජීවත්වන ප‍්‍රජාව යොමුකිරීම පිළිබඳ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානය වෙත මුදාහැරීම සිදුවෙමින් පවතී. වඳවීමේ තර්ජනයට පත්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කරමින් ජෛව විවිධත්වය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සක්‍රීය  සහයෝගය ලබා දී තිබේ . කොමර්ෂල් බැංකුවේ කැස්බෑ සංරක්ෂණ වැඩසටහනින් මාස අටක් තුළ කැස්බෑ පැටවුන් 8,000 කට වැඩි සංඛ්‍යාවක් මුහුදට මුදා හැරීම එහි සමස්ත අරමුණ වේ . මේ සඳහා අරමුදල් සම්පාදනය කරමින් කොමර්ෂල් බැංකුව 2019 වසරේ සිටම සහයෝගය ලබාදීම කැපී පෙනේ.

මුහුදු කැස්බෑවන්ගේ කූඩු සහ බිත්තර ඌරන්, නරියන්, මුගටියන්, තිත් තලගොයන් සහ සුනඛයින්ගෙන් ආරක්ෂා කරගැනීම මෙම සංරක්ෂණ වැඩසටහනේ කෙටි කාලීන අරමුණ වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදීමත් සමඟ WORC සංවිධානය විසින් පසුගිය වසරේ සංරක්ෂණය කරන සාගර ප‍්‍රදේශය කිලෝ මීටර් තුනක් දක්වා පුළුල් කළ අතර 2021 වසරේදී එය තවත් කිලෝ මීටර් තුනකින් වැඩි කරන ලදී.

කොමර්ෂල් බැංකුව සහ උධඍක්‍ සංවිධානය එක්ව කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක්ද දියත් කර තිබේ .එහි පළමු අදියර යටතේ කඩොලාන ශාක 2000 ක්, කඩොලාන ආධාරක 750 ක්, තවත් ශාක 500 ක් කොග්ගල වැව තුළ තිබෙන ‘කත්දුව’ නම් කුඩා දුපතේ අලූතින් වගා කිරීමට කටයුතු කළේය. දෙවන අදියර යටතේ මෙම දුපත වටා ආරක්ෂිත වළල්ලක් ලෙස තවත් කඩොලාන පැළෑටි 3,750 ක් වගා කිරීමට සැලසුම් කර තිබේ .

මෙවැනි වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමට අමතරව ප‍්‍රජාව සමග සබඳතා ගොඩනගා ගැනීමට, අධ්‍යාපනය සහ දැනුවත් කිරීම ප‍්‍රවර්ධනය කිරීමට, මෙම ව්‍යාපෘතියන්ට අදාළව තිරසාර ජීවන සහ ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගැනීමට සහ එවැනි අවස්ථාවන් ඉක්මනින් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණයට වැඩි වැඩියෙන් ව්‍යවසායන්ගෙන් සහයෝගය ලබා දීම සමස්ත සමාජයේ පොදු අභිලාෂය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන