නිර්මාණය සඳහා කඩිසර වන්න, වැඩ කිරීමට ධෛර්යමත් වන්න
2021-04-30 14:57:15
Share with:

නිර්මාණය සඳහා කඩිසර වන්න, වැඩ කිරීමට ධෛර්යමත් වන්න_fororder_1119245499_14689380844871n

රටක සහ ජාතියක සංවර්ධනයට කම්කරුවන්ගේ ගුණාත්මකභාවය ඉතා වැදගත්. චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා, කම්කරුවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැදගත්කම බොහෝ විට අවධාරණය කර තිබෙනවා. චීන පුනර්ජීවනය යන චීන සිහිනය සාක්ෂාත් කිරීම සඳහා ශක්තිමත් ප්‍රවීණයන් හා දක්ෂතාවන්ට අනුබල දීම සඳහා අධි ගුණාත්මක තාක්ෂණික ප්‍රවීණයන් බිහි කළ යුතු බව ෂී ජින් පිං මහතා පසුගියදා සඳහන් කළා. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන්, අපි ජනාධිපති ෂී ජින් පිං මහතා කම්කරුවන් වෙත බලාපොරොත්තු ලබා දුන් කතා සමාලෝචනය කරමු.

“අපට විශාල අරමුණු සාක්ෂාත් කර ගැනීමටත්, සරුසාර ප්‍රතිඵල ලබා ගැනීමටත් හැකි වන්නේ කම්කරුවන් වෙහෙස මහන්සි වී වැඩ කරන ජීවගුණයෙන්” යනුවෙන් ෂී ජින් පිං මහතා 2016 වසරේ ජූලි මාසයේ යින් චුවාන් නගරයේ පිහිටි බලශක්ති හා රසායනික කර්මාන්ත මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී පැවසුවා.

ජනාධිපති ෂී ජින් පිං මහතා 2019 වසරේ අගෝස්තු මාසයේ දී, දීර්ඝ ඉතිහාසයක් සහිත වෘත්තීය අධ්‍යාපනික පුහුණු විද්‍යාලයක් වන ගැන්සු පළාතේ ශැන්ඩැන්පේලි විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කළා. ඔහු විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් සමඟ අදහස් හුවමාරු කිරීමේදී සිසුන් පිළිබඳ සිය බලාපොරොත්තු පළ කළා.

චීන ආර්ථිකය රඳා පවතින්නේ සැබෑ ආර්ථිකය  මත වන අතර ඒ සඳහා වෘත්තීය හා කාර්මික පිරිස් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වේ. රටට ප්‍රයෝජනවත් හා රටට අවශ්‍ය වන දක්ෂයින්  බවට පත්වීමට සිසුන් උත්සාහ කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසුවා.

2020 වසරේ නොවැම්බර් මා‍සයේ ආදර්ශ කම්කරුවන් සහ විශිෂ්ට සේවකයින් සඳහා වූ ජාතික ප්‍රශංසා සම්මේලනය බෙයිජිං හි පැවැත්වුනා. මහිමය හා සතුට කම්කරුවන්ට අයිති යැයි ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළා. කම්කරු පන්තිය සහ ශ්‍රමිකයන්, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වටා වඩාත් සමීපව එක්විය යුතු අතර, නිර්මාණශීලිත්වය හා ධෛර්ය සම්පන්න අරගලය පිළිබඳව කඩිසර විය යුතු අතර, සමාජවාදී නවීකරණ රටක් බවට චීනය සංවර්ධනය කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන