ලෝකයේ දීර්ඝ කාලීන සාමය හා මානව වර්ගයාගේ සමෘද්ධිය හා ප්‍රගතිය ලබා ගත හැක්කේ සියල්ලන්ටම සමානව සැලකීමෙන් බව චීන ජනපති කියයි
2021-04-20 16:16:34
Share with:

ලෝකයේ දීර්ඝ කාලීන සාමය හා මානව වර්ගයාගේ සමෘද්ධිය හා ප්‍රගතිය ලබා ගත හැක්කේ සියල්ලන්ටම සමානව සැලකීමෙන් බව චීන ජනපති කියයි_fororder_QQ图片20210420161228

රටවල් අතර අ‍න්‍යෝන්‍ය ලෙස සමානව සැලකීම පැවතිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියා සිටී.

බෝ ආඕ ආසියානු සාකච්ඡා සභාවේ 2021 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද (20) පෙරවරුවේ චීනයේ හයිනාන් පළාතේ බෝඕ බෝ ආඕ හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ ආකාරයෙන් දේශනයක් කරමින්, විවිධ රටවල් අන්‍යෝන්‍ය ලෙස සමානව සැලකීම පැවතිය යුතු අතර අන්‍යෝන්‍ය ලෙස ගරු කොට විශ්වාසය පවත්වා ගත  යුතු බව ද සඳහන් කළේය.

මීට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෝඕ බෝ ආඕ ආසියානු සාකච්ඡා සභාවේ වාර්ෂික සමුළු සමාරම්භක උත්සවයන්ට කිහිප වතාවක්ම සහභාගී වී ප්‍රධාන දේශන ඉදිරිපත් කළේය. ඔහුගේ කථාව සාරාංශගත කිරීමේදී, රටවල් අතර අ‍න්‍යෝන්‍ය ලෙස සමානව සැලකීම කැපීපෙනේ.

විවිධ රටවල් තම කේන්ද්‍රීය අයිතිවාසිකම්වලට අ‍න්‍යෝන්‍ය ලෙස  ගරු කොට අන්‍යෝන්‍ය ලෙස සමානව සැලකිය යුතු බව බෝඕ බෝ ආඕ ආසියානු සංසදයේ සාකච්ඡා සභාවේ 2015 සහ 2018 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයන්ට ෂී ජින් පිං මහතා එක් වූ අවස්ථාවේදී වෙන් වෙන් ව ප්‍රකාශ කළේය. දීර්ඝ කාලීන වර්ධනයක් සාක්ෂාත් කිරීම සඳහා ආසියාවේ සාමය පොදුවේ ආරක්ෂා කළ  යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

මිනිසුන් අතර සමානව සැලකිය යුතු අතර රටවල් අතර අන්‍යෝන්‍ය ලෙස ගරු කොට සමානව සැලකිය යුතුය.  ලෝකයේ දීර්ඝ කාලීන සාමය හා මානව වර්ගයාගේ සමෘද්ධිය හා ප්‍රගතිය ලබා ගත හැක්කේ මේ ආකාරයෙන් පමණි.

අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය යහපත මත විවිධ රටවල් සමඟ සාමකාමීව සහජීවනයෙන් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන