ශ්‍රී ලංකාවට වාසි ගෙන එන ප්‍රතිජනන බලශක්තිය
2021-04-13 11:17:22
Share with:

ශ්‍රී ලංකාවට වාසි ගෙන එන ප්‍රතිජනන බලශක්තිය_fororder_src=http___img.alicdn.com_imgextra_i3_6000000003239_O1CN01mXqGfZ1ZnVQHfOfLd_!!6000000003239-0-tbvideo&refer=http___img.alicdn

ගොවි ජනතාව වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප දස දහසක් ලබා දෙන්න බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා සූර්ය සුළං හා ජනවිදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකා රජය දැනට ක්‍රියාත්මක කරන දිගු කාලීන ප්‍රතිචක්‍රීය බලශක්ති සංවර්ධන සැලැසුමේ කොටසක් ලෙස සැලකිය හැකියි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල්, ස්භාවික ගෑස් හා ගල් අඟුරු සම්පත් අඩු බැවින් එම සාම්ප්‍රදායික බලශක්ති භාවිතය, ආනයනය මත යැපීමට සිදු වී තිබෙනවා. ජන ජීවිතය යහපත් කරලීම සඳහාත් රටේ එක් එක් ක්‍ෂේත්‍රවල වර්ධනය සඳහාත් අවශ්‍යතාව වැඩි වීමත් සමගම බලශක්ති හිඟතාවෙන් ඇති වූ අවහිරය එන්න එන්න කැපී පෙනෙනවා. මෙම තත්ත්වය  ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රතිචක්‍රීය නව බලශක්ති සංවර්ධනයට අවධානය යොමු කර තිබෙනවා.

නව බලශක්තියට ශ්‍රී ලංකාව නෙත් යොමු කිරීමට  තවත් හේතුවක් තිබෙනවා. ඒ සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයට වැදගත්කම හා ජනතාවට ජීවිත හිතකාමී පරිසරයක් සලසා දීම සලකමින්. විශේෂයෙන් සූර්ය හා සුළං සම්පත්වලින් පොහොසත් ශ්‍රී ලංකාවට, නව බලශක්ති සංවර්ධනයට ස්වභාවික වාසි ‍ තිබෙනවා. මේ සියල්ලම මත, වසර 2030 වන විට ප්‍රතිචක්‍රීය බලශක්තිවලින්, සියයට 100යේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම, රටේ ඉලක්කයක් වී තිබුණා.

එහෙත් නව බලශක්ති, නැත්තම් ප්‍රතිචක්‍රීය බලශක්ති රට පුරා ප්‍රචලිත කිරීම, ගැටුළු සහගත තත්ත්වයන්ටත් මුහුණ දී තිබෙනවා. මිල, මූලිකම සාධකයයි. සූර්ය බලශක්තිය ගත්තොත්,  ජන නිවාසයක සූර්ය බලශක්ති නිපදවන උපකරණ සවි කිරීමට, අවම වශයෙන් රුපියල් දෙලක්ෂයක්  පමණ අවශ්‍ය වෙනවා. එම වියදම පියවා ගැනීමට අවම වශයෙන් වසර හතරක් පමණ අවශ්‍ය වෙනවා.  මේ අතර ස්වයං නිෂ්පාදනය නොවන ආකාරවලින්  සූර්ය විදුලි බලශක්ති ලැබුණොත්, එහි මිල, ගල් අඟුරුවලින් නිපදවන විදුලි බල මිලට වඩා, කැපී පෙනෙන සේ  අධිකයි. රජය සූර්ය බලශක්ති කට්ටල සවි කිරීමට සැරසෙන පවුල් කෙරේ අනුග්‍රාහී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළද, එම පවුල්වල ඉතුරු වන විදුලි බලය ආපසු රටට අලෙවි කිරීමට පුළුවන්කම තිබුණත් පරිභෝගිකයින් අතර සූර්ය බලශක්තිය පිළි ගැනීම තවමත් අවම මට්ටමක පවතිනවා.

පවිත්‍ර බලශක්ති භාවිතය දැන් ගෝලීය ප්‍රවණතාවක් ලෙස පොදුවේ සැලකෙනවා. ශ්‍රී ලංකා රජය එහි වාසී හඳුනා ගෙන එය සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. එහෙත් එය රට පුරා ප්‍රචලිත කිරීමට තව දිගු ගමනක් යාමට සිදු වෙන බව පැහැදිලියි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන