පැනමාව චීන කොරොනා එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරයි
2021-04-10 16:38:15
Share with:

හදිසි භාවිතය සඳහා චීනයේ ‍සිනොවැක් එන්නත අනුමත කරන බව පැනමාව ප්‍රකාශ කරයි.එය පැනමා වැසියන්ට තවත් අවස්ථාවක් බව පවසන එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ හා ඔසුසැල් පිළිබඳ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වැඩි පිරිසකට එන්නත් ලබා දීමෙන් සමූහ ප්‍රතිශක්තිකරණයක් බිහි කළ හැකි බව කියා සිටී. අදාළ නිරීක්ෂණයන්ට අනුව සිනොවැක් එන්නත ගුණාත්මක එන්නතක් බවත් එන්නත් ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස පැනමා වැසියන් ගෙන් ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන