ගෝලීය ආහාර මිල වසර 7 කට ආසන්න කාලයක් තුළ ඉහළම මට්ටමට ළඟා වෙයි
2021-04-09 13:54:16
Share with:

ගෝලීය ආහාර මිල වසර 7 කට ආසන්න කාලයක් තුළ ඉහළම මට්ටමට ළඟා වෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඊයේ(8) පළ කළ ගෝලීය ආහාර මිල පිළිබඳ නවතම මාසික වාර්තාවට අනුව, මාර්තු මාසය යනු ගෝලීය ආහාර මිල අඛණ්ඩව ඉහළ ගිය 10 වන මාසයයි. එම මිල 2014 ජුනි මාසයේ සිට ඉහළම මට්ටමට ළඟා විය.

මෙම වාර්තාවට අනුව, 2021 වසර ධාන්‍ය බෝග නිෂ්පාදනය සඳහා සුභවාදී දෘෂ්ටියක් ගෙන දෙයි. මෙම වසෙර් ලෝක ධාන්‍ය නිෂ්පාදනය තුන්වන වරටත් අඛණ්ඩව ඉහළ යනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අපේක්ෂා කරයි.

ගෝලීය තිරිඟු නිෂ්පාදනය ටොන් මිලියන 785 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, 2020 වසරට වඩා 1.4% කින් වැඩි වනු ඇත. ඉරිඟු අපේක්ෂිත නිෂ්පාදනය ද සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන