ජපානය න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අසල්වැසි රටවල් සමඟ මනා ලෙස සාකච්ඡා කළ යුතු බව චීනය කියයි
2021-04-09 19:18:17
Share with:

ජපානය න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අසල්වැසි රටවල් සමඟ මනා ලෙස සාකච්ඡා කළ යුතු බව චීනය පවසයි.

ජපානයේ න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීමේ තීරණය සම්බන්යෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා අද (9) මේ බව අදහස් පළ කළේය. අසල්වැසි රටවල් සමඟ මනා ලෙස සාකච්ඡා කරමින් ජපානය නිසි ආකාරයෙන් තීරණයක් ප්‍රකාශ කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය. 

එළඹෙන 13 වනදා ජපානය කැබිනට් රැස්වීමක් පවත්වා න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීම පිළිබඳව තීරණය ගනු ඇති බව විශ්වාස කෙරේ. මේ සම්බන්ධයෙන් Zhao Lijian මහතා ප්‍රකාශ කළේ ජපානයේ  Fukushima දුපතේ සිදු වූ න්‍යෂ්ටික අනතුරු සිද්ධියෙන් විකිරණශීලි ද්‍රව්‍ය පිටවීම හේතුවෙන් මුහුදු පරිසර, ආහාර සුරක්ෂිතභාවය හා මානවයාගේ සෞභාග්‍යයට ගැඹුරු බලපෑම් ඇති වූ බවයි. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන