බරපතල වනාන්තර විනාශ සිදු කරන පිරිස් හා එම සිදුවීම් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා මෙහෙයුම්
2021-04-09 18:25:37
Share with:

බරපතල වනාන්තර විනාශ සිදු කරන පිරිස් හා එම සිදුවීම් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා මෙහෙයුම්_fororder_Police

බරපතල වනාන්තර විනාශ සිදු කරන පිරිස් හා එම සිදුවීම් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කරයි.

නිරන්තරයෙන් ලැ‍බෙන විනාශ පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය විසින් නිරන්තර සොයාබැලීම් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

“තිරසාර සංවර්ධන සංවාදය” නමින් පරිසර සංරක්ෂණය පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීම සදහා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ සුළු වන අපරාධයක් නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර සොයා බැලීම් සිදු කරන බවත්, තරමක විශාල වන අපරාධයක් නම් අදාළ පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා සොයා බලන බවත්,ඉතා විශාල ප්‍රමාණයේ වන විනාශයක් නම් පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම් ක්‍රියාත්මක කරන බවත්ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන