හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි අවධානය
2021-04-09 18:26:22
Share with:

හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ  සහයෝගය ලබා ගැනීම කෙරෙහි අවධානය_fororder_5-1

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ  සහයෝගය ලබා ගැනීමට අවධානය යොමුවෙයි.

ඊට අදාළ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී  පැවැත්විණ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ  කොන්සියුලර් ලී ගුආන්ග්ජුන් (Li Guangjun), තෙවන ලේකම් ඩෝන්ග් ෂිආකුන් (Dong Xiakun) හා ෂූ මින් (Zhu Min) යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවට උචිත කර්මාන්තවල මූලාකෘති නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන ජාතික කාර්මික උද්‍යානයක් පිහිටුවීම ද වන අතර එය රත්මලාන ප්‍රදේශයේ අක්කර 16ක භූමි භාගයක ඉදි කිරීමට නියමිතය. 'එක් ගමකට එක් කර්මාන්තයක්' ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රජාව ව්‍යවසායකයන් බවට සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

එසේම කෘෂි ආහාර සහ මත්ස්‍ය ආහාර සැකසීමේ කලාපයක් පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ 4 වන කාර්මික විප්ලවයේ ප්‍රධාන මෙවලම වන සෙමිකන්ඩක්ටර්ස් නිෂ්පාදනය සදහා චීන ආයෝජකයන් කැදවීමයන ව්‍යාපෘති ඒ අතර වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන