චීන හා මොංගෝලියානු අග්‍රාමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක් ‍
2021-04-08 10:45:56
Share with:

චීන හා මොංගෝලියානු අග්‍රාමාත්‍යවරු දුරකථන සංවාදයක ‍නිරත වෙති.

ඊයේ (7) පැවති එම දුරකථන සංවාදයේදී චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යන් මහතා දෙරටේ සම්බන්ධතාව ඇගයීමට ලක් කළේය. සිය මිත්‍ර අසල්වැසි රටක් වන මොංගෝලියාව සමඟ දෙරටේ සහයෝගිතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය. වර්තමානයේ කොරොනා වසංගතය පාලනය කිරීම පිළිබඳ සහයෝගිතා ශක්තිමත් කරමින්, දේශසීමා වරාය හා විශාල ව්‍යාපෘති යථා තත්ත්වයට පත් කළ යුතුය. පාරිසරික ප්‍රශ්න සඳහා මායිම් නොමැත. පරිසරය ආරක්ෂා කිරීම සඳහා  මොංගෝලියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ලී ක ච්‍යන් මහතා අවධාරණය කළේය.

දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට සහ දෙරටේ සමස්ත උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට මොංගෝලියාව බලාපොරොත්තු වන බව මොංගෝලියානු අග්‍රාමාත්‍ය Luvsannamsrai Oyun-Erdene මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන