සංචරණ සීමා පැනවීමක් නැතැයි යුද හමුදාපතිවරයා පවසයි
2021-04-07 16:19:37
Share with:

අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පැනවීමට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එහෙත් අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබෙන බවත් එය අලුත් දෙයක් නොවන බවත් යුද හමුදාපතිවරයා කියයි.

ජනතාව කොළඹින් පිටත යාමේ දී යම් අවදානමක් පැවතියහොත් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවත් එම පරීක්ෂණ රටේ විවිධ ප්‍රදේශවල සිදු කරන බවත් යුද හමුදාපතිවරයා කීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන